IMF රටේ ඇත්ත තත්ත්වය පෙන්වලා – විපක්‍ෂ නායක

177

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ‍්‍රී ලංකාව පත්ව ඇති සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් ඉතාමත් හරවත් පිටු 94 ක වාර්තාවක් එළිදක්වා ඇතැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

 එහෙත් ආණ්ඩුව එම වාර්තාවට ප‍්‍රතිඋත්තර යවා ඇත්තේ තනි කොළයකින් බව ද පේ‍්‍රමදාස මහතා කීවේය.

 සූරියවැවදී පැවති ව්‍යාපාරික හමුවකට එක්වෙමින් ඊයේ (27 දා* විපක්‍ෂ නායකවරයා මේ බව කීවේය.

 ශ්‍රේණිගත කිරීම්වලින් ශ‍්‍රී ලංකාව පහළට දැමීමේ ප‍්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තරයෙන් ණය මුදලක් පවා ලබාගැනීමේ හැකියාව ශ‍්‍රී ලංකාවට අහිමි වී ගොස් ඇති බව ද අද ශ‍්‍රී ලංකාවට අත්විඳීමට සිදුව ඇත්තේ එකී ඉරණම බව ද විපක්‍ෂ නායකවරයා කියා සිටියේය.

 ශ‍්‍රී ලංකාව ණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් විශ්වාසනීයත්වයක් ඇතිකර ගැනීමට අපොහොසත්ව ඇති බවද අද වන විට ආණ්ඩුව කරන්නේ රට වෙන්දේසි කිරීම බවද සජිත් පේ‍්‍රමදාස මහතා තවදුරටත් කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment