IMF වාර්තාව එළියට දාන්න රනිල් ආණ්ඩුවෙන් ඉල්ලයි

181

මාධ්‍යයට යෑම වළක්වන්න බැහැ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව ආණ්ඩුවට ලබාදී ඇති බවත් ලබන සතියේ පැවැත්වීමට නියමිත සර්ව පාක්‍ෂික සමුළුවට පෙර එය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

එම වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන බව කීවත් මෙතෙක් ලබාදී නොමැති බවද වික‍්‍රමසිංහ මහතා කීය.

එය මාධ්‍යයට යනු ඇතැයි සමහරු පවසනවා. කොහොමත් මෙය මාධ්‍යයට යනවා. මෙහෙන් සොයාගන්න බැරිවුණොත් තව මාසයකින් විතර වොෂින්ටන්වලින් හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සොයා ගනීවි යැයි කිරුළපන ප‍්‍රදේශයේ පෙරේදා පැවැති ජන රැුළියට එක්වෙමින් රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment