IMF වාසි මේ මාසයේ අග

141

රාජ්‍ය ඇමැති ෂෙහාන් කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය වූ ඇමරිකානු ඩොලර් මිලියන 300 ක මුදල මේ මස අගදී මෙරටට ලැබෙන බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සෘජුවම සම්බන්ධ වෙමින් කටයුතු කිරීම නිසා එම අරමුදලේ සහයෝගය ලබා ගැනීම කඩිනම් වූ බව ද සේමසිංහ මහතා පැවසීය.

මාස 05 කට අධික කාලයක් ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතනත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙන්ම රටේ ජනතාවත් මෙය සාර්ථක කර ගැනීමට සහය දුන් බව හෙතෙම කියා සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සඳහා රාජ්‍ය ඇමැතිවරයා ලෙස තමාට ලැබුණු වගකීම සඳහා සෘජු මැදිහත්වීමක් කළ බවත් මෙහි වාරික වසර 04 ක් තුළ රටට ලැබීමට නියමිත බවත් සේමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment