IMF සමඟ සාකච්ඡා කළ කරුණු පාර්ලිමේන්තුවට දෙන්න – රනිල් වික‍්‍රමසිංහ

205

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡුා කළ කරුණු පිළිබ`ද වාර්තාවක් දුන්නොත් එහි හොඳ නරක පිළිබ`ද පාර්ලිමේන්තුවේදී කතාකර එකඟතාවකට පැමිණිය හැකි බව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (9 දා* පාර්ලිමේන්තුවේදී පැවැසීය.

රනිල් වික‍්‍රමසිංහ මහතා –

අයි. එම්. එෆ් ව්‍යවස්ථාවේ හතරවැනි වගන්තිය යටතේ ලංකාව සමඟ සාකච්ඡුා කළ කරුණු වාර්තාව මේ මස තුන්වෙනි සතියේ පිට කරනවා. ඒ නිසා ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එවිට අප ලබන මාසයේ ඒ වාර්තාව ගැන කතාකරමු. කවුද වගකියන්න ඕනෑ කියලා චෝදනා නොකර එතැනදී අපට යම් මතයකට එන්න පුළුවන්. පෙබරවාරි ඒ වාර්තා දුන්නොත්, මාර්තු පළමු සතියේ අපට සාකච්ඡුා කළ හැකියි.

සභානායක – දිනේෂ් ගුණවර්ධන මහතා –

ලබන පක්‍ෂ නායක රැුස්වීමේදී ඒ ගැන අපට තීරණයක් ගන්න පුළුවන්.

රනිල් වික‍්‍රමසිංහ මහතා –

අයි. එම්. එෆ් වාර්තාව ගැන සාකච්ඡුා කරන්න මුලින් අවස්ථාව දෙන්න. එතැන ආණ්ඩුවේ ස්ථාවරයයි, අයි. එම්. එෆ්. ස්ථාවරයයි දෙකම තිබෙනවා. පක්‍ෂ භේදයක් නැතුව අපි සාකච්ඡුා කරලා ඒක`ගතාවයකට එමු.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment