IMF සාකච්ඡා අවසන්

286

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම අවසන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා දුෂ්කර නමුත් අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජෝර්ජීවා මහත්මිය ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කර ඇත. එසේම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාව ස්ථාවර සහ තිරසාර වර්ධන මාවතකට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැපවන බවට ජෝර්ජීවා මහත්මිය සහතිකයක් ලබාදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment