“INTER නැසනල්” යන්න ලෑස්ති වෙන්න…

274

ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ‘INTER නැසනල්. ටෙලිනාට්‍යය ප‍්‍රහසනාත්මක ටෙලි නිර්මාණයක් ලෙස බොහෝ පේ‍්‍රක්ෂකයන් අතර ජනප‍්‍රිය විය. නමුත් ප‍්‍රහසනයෙන් ඔබ්බට ගොස් ගැඹුරු සමාජ යථාර්ථයන් රැුසක් මෙම නිර්මාණය හරහා විවරණය කළ බව කිව යුතුය. දුලීකා මාරපන සහ ධරණී ජයසේකරගේ නිෂ්පාදනයෙන්ද” සුජීව ප‍්‍රියාල්ගේ අධ්‍යක්ෂණයෙන්ද නිර්මාණය වූ ඉන්ටර් නැසනල් පළමු අදියර කොටස් 75 ක විකාශනයකින් පසු නිමා විය.

"INTER නැසනල්” යන්න ලෑස්ති වෙන්න...



 නමුත් ඉන්ටර් නැසනල් දෙවැනි දිගහැරුම සඳහා රූගත කිරීම් මේ දිනවල ආරම්භ කර ඇති බව අපට

 දැනගන්නට ලැබුණි‘ ඒ සම්බන්ධයෙන් ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන සුජීව ප‍්‍රියාල් අපත් සමඟ මෙලෙසින් අදහස් දැක්වීය.

 ‘ඉන්ටර් නැසනල් නාට්‍ය ඉවර කරද්දි දෙවැනි කොටසක් ගැන අදහසක් තිබුණේ නැහැ. නමුත් දැඩි පේ‍්‍රක්ෂක ඉල්ලීම මත සහ ස්වාධීන රූපවාහිනියේ ඉල්ලීම මත දෙවැනි අදියර සඳහා රූගත කිරීම් නැවත ආරම්භ කළා. මේ දිනවල දිගටම රූගත කිරීම් සිදු කරනවා. පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් එක්ක මෙවරත් අපි සාර්ථක නිර්මාණයක් පේ‍්‍රක්ෂකයන්ට ලබා දෙන්න උපරිමයෙන් කටයුතු කරනවා..

 ඉන්ටර් නැසනල් ටෙලි නිර්මාණය අසංක සායක්කාරගේ තිරරචනයකි. පළමු දිගහැරුම දුලීකා මාරපන සහ ධරණී ජයසේකරගේ නිෂ්පාදනයෙන් සිදුවූවද දෙවැනි අදියරේදී රාජ් ප‍්‍රඩක්ෂන් විසින් නිෂ්පාදනය සිදු කරනු ලබයි. රුක්ෂාන් සුබසිංහ විසින් ටෙලිනාට්‍යයේ සංගීත කටයුතු සිදු කරයි.

"INTER නැසනල්” යන්න ලෑස්ති වෙන්න...



 සුපුරුදු පරිදි දුලීකා මාරපන” සරත් කොතලාවල” ආලෝක සම්පත්” සුජීව ප‍්‍රියාල්” සංජානා ඔනෙලි” මහේන්ද්‍ර වීරරත්න” ධනුෂ්කා ඉරෝෂනී” ශෂිකා පීරිස්” චානුක ප‍්‍රබුද්ධ වැනි ප‍්‍රවීණ සහ ජනප‍්‍රිය නළු නිළියන් රැුසක් ඉන්ටර් නැසනල් දෙවැනි අදියර සඳහා රංගනයෙන් දායක වේ. ඊට අමතරව ප‍්‍රියා රණසිංහ” තිළිණි ජයමාලි” සිලිඳු රන්වල” ඉෂාර වික‍්‍රමසිංහ වැනි නළු නිළියන් කිහිප දෙනකුද අලූතින් රංගනය සඳහා මෙම නිර්මාණයත් සමඟ එක්වී සිටී.

"INTER නැසනල්” යන්න ලෑස්ති වෙන්න...



 ‘ඉන්ටර් නැසනල් දෙවැනි අදියරේදී අපි කොළඹින් පිටත් වැඩියෙන් රූගතකිරීම් සිදු කළා. ඒ වගේම කලින් ලොකේෂන් වලත් රූගතකිරීම් කළා. කොවිඞ් හින්දා මේ දවස්වල දරුවන්ගේ අධ්‍යාපනය ගැන වැඩිපුර කතා වෙනවා. ඔන්ලයින් අධ්‍යාපනය නිසා දරුවන් වගේම දෙමාපියනුත් ගැටලූ වලට මුහුණ දෙනවා. ඉන්ටර් නැසනල් දෙවැනි දිගහැරුමේදී අපි ඒ ගැනත් කතා කරනවා. ඒ වගේම සමාජීය කාරණා රාශියක් ගැනත් අවධාරණය කරනවා. හාස්‍යයත් එක්කම සමාජයට පණිවුඩයක් දෙන්න අපි උත්සාහ කරනවා. ලෙස පැවසූ අධ්‍යක්ෂවරයා ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ (සතියේ දින පහේම රාත‍්‍රී හතයි තිහට) ළඟදීම ඉන්ටර් නැසනල් දෙවන දිගහැරුම සමඟ එක් විය හැකි බවත් පේ‍්‍රක්ෂකයන්ට සිහිපත් කළේය.



 නිරෝෂා වාසල

 ඡායාරූප – චමත් ෂා අම්බලන්ගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment