IOCයෙන් පමණක් දිගටම තෙල් ගන්න බැහැ

310

වෙනත් සමාගම්වලිනුත්  ටෙන්ඩර් කැඳවනවා

– බලශක්ති අමාත්‍යාංශ ලේකම්

ඉන්දියන් ඔයිල් සමාගමෙන් පමණක් රටට අවශ්‍ය ඉන්ධන තොග අඛණ්ඩව ලබාගත නොහැකි බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඞී. ආර්. ඔල්ගා මහත්මිය ‘දිවයින’ ට ඊයේ (20 ද) පැවසුවාය.

ඞීසල් මෙටි‍්‍රක් ටොන් 40,000 ක් රැුගත් ඉන්දියන් ඔයිල් සමාගමේ නෞකාවක් ඊයේ සවස මෙරටට පැමිණීමට නියමිතව තිබූ අතර, ඒ අනුව රටට අවශ්‍ය ඞීසල් සහ පෙට‍්‍රල් ද සංස්ථාව සතුව තිබෙන බව ද ඇය කීවාය.

ඉන්දීය ණය මුදල්වලින් අඛණ්ඩව ඉන්ධන ලබා ගැනීමට අදහස් කර තිබුණත් ඔවුන්ගේ ණය මුදලට අදාළව ඉන්ධන අඛණ්ඩව සැපයිය නොහැකි බව එම සමාගම දැනුම් දීම නිසා වෙනත් සමාගම්වලින් ඉන්ධන ලබා ගැනීමට ද ටෙන්ඩර් කැඳවා ඇති බව ඇය කීවාය.

බොරතෙල් නොමැති නිසා සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා ඇති බවත්, ඉන්දියන් ඔයිල් සමාගම මගින් බොරතෙල් සහ දැවිතෙල් ආනයනය නොකරන නිසා ඒවා සපයා ගැනීමට සංස්ථාවට සිදුව ඇතැයි ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment