IOC – කේක් කපයි – අලුතෙන් ෂෙඩ්  94ක්

387

IOC අධ්‍යක්‍ෂ විග්යන් කුමාර්

ඉන්දියන් ඔයිල් සමාගමට IOC අයත් තවත් ඉන්ධනහල් 94 ක්  ශ්‍රී ලංකාව තුළ අලුතෙන් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ඉන්දියන් ඔයිල් සමාගමේ අධ්‍යක්‍ෂ විග්යන් කුමාර් (Vigyan Kumar) මහතා ඊයේ (18 දා) ප්‍රකාශ කළේය.

මෙරට තුළ දැනට ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධනහල් 200 ක් පමණ පවතින බවත් ඒවාට අමතරව තවත් ඉන්ධනහල් 94 ක් අලුතෙන් රටපුරා විවෘත කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය. ඉන්දියන් ඔයිල් සමාගම මෙරට තුළ ඉන්ධන බෙදාහැරීම් ආරම්භ කර වසර 20 ක් සපිරීම නිමිත්තෙන් නාරාහේන්පිට එස්. එස්. කොතලාවල ඉන්ධනහලේදී පැවති උත්සවයකින් පසු විග්යන් කුමාර් මහතා මෙම අදහස් පළ කළේය.

වසර 20 ක් සැපරීම නිමිත්තෙන් නාරාහේන්පිට ඉන්ධනහලේදී ඉන්දියන් ඔයිල් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් වන විග්යන් කුමාර් (Vigyan Kumar) රුචිර් ඇග්‍රවල් (Ruchir Agrawal) ඉන්ධනහල් හිමිකරු සම්පත් කොතලාවල යන මහත්වරුන් ඇතුළු කිහිපදෙනෙකු කේක් එකක් කපා සැමරුම සිදුකරන අවස්ථාව මෙහි දැක්වේ.

චමින්ද සිල්වා, ඡායාරූප – ධර්මසේන වැලිපිටිය

ඡායාරූප – ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment