IOC ගිවිසුම අවසන් වීමට පෙර ත‍්‍රී.මලේ තෙල් ටැංකි ඉන්දියාවට ගන්න හදනවා – ඇමැතිගෙන් ඛනිජ තෙල් සභාපතිට උපදෙස්

245

ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි කළමනාකරණය කිරීම සඳහා වෙනම සමාගමක් පිහිටවන ලෙස බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට උපදෙස් දී ඇත.

 එම නව සමාගමේ කොටස්වලින් සියයට 51ක් ඛනිජ තෙල් සංස්ථාවටද, ඉතිරි කොටස් සියයට 49 ඉන්දියන් ඔයිල් සමාගමටද හිමිවනු ඇත. එහෙත් ඒ සඳහා තවමත් කැබිනට් අනුමැතිය ලබාගෙන නැත. මුලින්ම සමාගම පිහිටුවන ලෙසත් ඒ සඳහා කැබිනට් අනුමැතිය දෙවනුව ලබා ගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බලශක්ති ඇමැතිවරයාට උපදෙස් දී ඇතැයි වාර්තා වේ. මේ පිළිබඳව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාටද වැඩිදුර උපදෙස් ලබාදී තිබේ.

 තෙල් ටැංකි කළමනාකරණය කිරීමට පිහිටුවන නව සමාගම ‘ටි‍්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඞ්’ ලෙස නම් කර තිබේ. ඒ අතර මෙම තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා ඉන්දියන් ඔයිල් සමාගම සමගද සාකච්ඡුා පැවැත්වේ. පසුගිය සතියේදී බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා සහ ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති අතර සාකච්ඡුාවක් පැවැත්විණි. එහිදී මෙම තෙල් ටැංකි සම්බන්ධයෙන් රජය අනුගමනය කිරීමට යන පියවර ගැන සියලූම වෘත්තීය සමිති දැනුවත් කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ඛනිජ තෙල් වෘත්තීය සමිතිය මෙයට එරෙහිව දැඩි ලෙස විරෝධය දක්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment