IOC ගෙන්වන ඩීසල් පෙට්‍රල් සිපෙට්කෝ පිරවුම්හල් 100 ක් හරහා බෙදාහැරේ

412

කැබිනට් මණ්ඩලය ලබා දී තිබෙන අවසරය මත ඉන්දීය තෙල් සමාගම ‘IOC’ ඉදිරි 07, 13, 15 යන දිනවලදී මෙරටට පෙට්‍රල් හා ඩීසල් මෙටි්‍රක් ටොන් 90,000 ක් ගෙනැවිත් දැනට සංස්ථාව සතු හා සංස්ථාව යටතේ ඇති ඉන්ධනහල් 100 ක් හරහා ඒවා බෙදාහැරීමට සැලසුම් කර ඇත.

මෙරට ඉන්ධනහල් 1190 කින් ඉන්දීය තෙල් සමාගමට ඉන්ධනහල් 225 ක් අයිති අතර එම 225 න් 210 ක පෙට්‍රල් හා ඩීසල් අලෙවි කෙරේ. අනෙක් ඒවායේ අලෙවි කරනු ලබන්නේ කළු තෙල් ය. (Black Oil)

කැබිනට් මණ්ඩල තීරණයකට අනුව විදේශ සමාගම් කිහිපයකට කෙලින්ම පෙට්‍රල් හා ඩීසල් ගෙනැවිත් තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සතු ඉන්ධනහල් භාවිතාකර ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබාදීමට පියවර ගෙන ඇත.

මේ වන විට ඉන්දීය තෙල් සමාගම සතු පෙට්‍රල් හා ඩීසල් අලෙවි කෙරෙන ඉන්ධනහල් 210 මගින් දිනකට අලෙවි කළ හැක්කේ පෙට්‍රල් හා ඩීසල් මෙටි්‍රක් ටොන් 1000 ක පමණ ප්‍රමාණයකි. ඒ අනුව ලබන 07 වැනිදා සිට මෙටි්‍රක් ටොන් 30,000 බැගින් වූ පෙට්‍රල් හා ඩීසල් නෞකා තුනක් මෙරටට ගෙන්වීමට ඉන්දීය තෙල් සමාගම සැලසුම් කර ඇති අතර ලබන 07, 13 15 යන දිනවල මෙම නෞකා මෙරටට ඒමට නියමිතය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment