IPL විදෙස් ක‍්‍රීඩකයෝ අටක් රදවා ගැනෙති

486

2022 අයිපීඑල් ක‍්‍රිකට් තරගාවලියට අදාළ ක‍්‍රීඩක වෙන්දේසිය සඳහා විදෙස් ක‍්‍රීඩකයන් 8 දෙනකු යොමු නොකිරීමට එක් එක් කණ්ඩායම් තීරණය කර ඇත.

 එසේ එම කණ්ඩායම් විසින් රඳවා ගෙන සිටින ක‍්‍රීඩකයන් වන්නේ එංගලන්තයේ ජොස් බට්ලර්, මොයින් අලි, දකුණු අප‍්‍රිකාවේ අන්රිච් නොකියා, බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයන් වන කරන් පොලාර්ඞ්, සුනිල් නරායින්, ඇන්ඩි‍්‍ර රසල්, ඕස්ටේ‍්‍රලියාවේ ග්ලේන් මැක්ස්වල් සහ නවසීලන්තයේ කේන් විලියම්සන් ය. ඉන්දීය ක‍්‍රීඩකයන් 19 දෙනෙක් ද ක‍්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොකර තම කණ්ඩායම තුළම රඳවා ගැනීමට අදාළ කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කර තිබේ.

 එළඹෙන අයිපීඑල් තරගාවලිය සඳහා අහමදාබාඞ් සහ ලක්නව් වෙතින්ද කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරීමට නියමිත හෙයින් කණ්ඩායම් ගණන 8 සිට 10 දක්වා ඉහළ යනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment