ISIS හාදකම් තිබෙන 702ක් ලංකාවේ

381

ඉන්දියාව කේන්ද්‍රස්ථානය කරගෙන ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම්වල යෙදෙන මුජහිදින් අල්ලා නමැති අයිඑස්අයිඑස් සංවිධානයේ සාමාජිකයන් සමග සමීප සබඳතා පවත්වමින් ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලට සම්බන්ධ බවට සැකකරන ශ‍්‍රී ලාංකිකයන් 702 ක් පිළිබඳව පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ත‍්‍රස්ත මර්දන හා ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය ඊයේ (01 දා) කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් චන්දිම ලියනගේ මහතාට වාර්තා කළේය.

ඉන්දියාවේ රාජ්‍ය බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගත් මොහොමඞ් සම්සුදීන් නමැති අයිඑස්අයිඑස් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයන්ගේ වට්ස්ඇප් ගිණුම පරීක්‍ෂා කිරීමේදී එම ශ‍්‍රී ලාංකිකයන් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවත්, මුස්ලිම් අන්තවාදියකු වන සහරාන් හෂීම් පැවැත්වූ දේශන, හඬපට හා ඡුායාරූප එම වට්ස්ඇප් ගිණුමේ අන්තර්ගතව ඇති බවත්, විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.

එම ශ‍්‍රී ලාංකිකයන් 702 දෙනා අතරින් එක් අයකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, මොහොමඞ් ඉසදීන්, මොහොමඞ් ෆවුසාන් නමැති එම සැකකරු රැුඳවුම් නියෝග මත රඳවාගෙන අයිඑස්අයිඑස් ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම්වලට හා පාස්කු ප‍්‍රහාර මාලාවට දක්වා ඇති දායකත්වය පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත් ත‍්‍රස්ත විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ. එම්. ඕ. පෙරේරා, උප පොලිස් පරීක්‍ෂක දංගල්ල යන නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment