ISO 14001: 2015 සහතිකය හිමිකරගත් දකුණු ආසියාවේ පළමු Quad Play විදුලි සංදේශ සේවා ආයතනය බවට ඩයලොග් ආසිආටා පත්වෙයි

376

සමාජ, ආර්ථික සහ පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් සිය කැපවීම යළි යළිත් සනාථ කරමින් මෙරට ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ පාරිසරික කළමනාකරණ පද්ධතියට සිය සමස්ත මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් ISO 14001(2015) තත්ව සහතිකය හිමිකරගැනීමට සමත්ව තිබේ.

ISO 14001: 2015 සහතිකය හිමිකරගත් දකුණු ආසියාවේ පළමු Quad Play විදුලි සංදේශ සේවා ආයතනය බවට ඩයලොග් ආසිආටා පත්වෙයි

ඒ සමඟම මෙම තත්ව සහතිකය හිමිකරගත් මෙරට පළමු Quad Play විදුලි සංදේශ සේවා සැපයුම්කරු (ජංගම, ස්ථාවර, මාධ්‍ය හා බ්‍රෝඞ්බෑන්ඞ්) බවට ඩයලොග් සමාගම පත්විය. ISO 14001 ප‍්‍රමිතිය යනු තම කැපවීමෙන්ම සිය ආයතන හරහා ඵලදායී පරිසර කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම හා පවත්වාගෙන යාම පිණිස අර්ථවත් පාරිසරික ප‍්‍රතිපත්ති ගොඩනගා ස්ථාපිත කරන සමාගම්වලට පිරිනැමෙන ජාත්‍යන්තර මට්ටමේ සහතික කිරීමකි. එම තත්ව සහතිකය පිරිනැමීමේදී සැලකිල්ලට ගැනෙන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා වාර්ෂිකව ස්වාධීන සමාලෝචනයක් හා විගණනයක්ද සිදුවෙයි. වෙනත් ෂීධ ප‍්‍රමිති තත්ත්වයන් මෙන් මෙම ප‍්‍රමිති තත්ත්වය ද ජාත්‍යන්තර පිළිගැනීමක් ලද විශේෂඥ මණ්ඩලයක් විසින් වරින් වර සමාලෝචනය කර යාවත්කාලීන කරනු ලබයි.

 ඩයලොග් සමාගමේ ප‍්‍රතිපත්තිවල ‘තිරසරබව’ සඳහා සුවිශේෂී වැදගත්කමක් හිමිව තිබේ. පරිසර හිතකාමී අනාගතයක් පිළිබඳ සිහිනය සැබෑවක් බවට පත්කිරීම වෙනුවෙන් දරන උත්සාහයන්වලදී මතු විය හැකි බාධක මගහැර ඒවා පිටුදකින අතරවාරයේ, සිය ව්‍යාපාරයේ වටිනාකම් පෙන්නුම් කරමින් වසර ගණනාවක් ඩයලොග් සන්නාමය ශ‍්‍රී ලාංකිකයන්ගේ සිත් සතන් තුළ ඇති කළ හෘදයාංගම හැඟීම විදහා දක්වමින් ‘වඩාත්ම ආදරය කරන විදුලි සංදේශ සන්නාමය’ බවට ඩයලොග් සමාගම පත්විය. එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ (United Nations Global Compact) දේශීය නියෝජිත ආයතනය වන ශ‍්‍රී ලංකා ගෝලීය සංයුක්ත ජාලයේත්, (Global Compact Network of Ceylon)  ශ‍්‍රී ලංකාවේ සුන්දර ජෛව විවිධත්වය සුරැුකීමට කැපවූ ව්‍යාපාරයන්ගේ ජාලය වන Biodiversity Sri Lanka හි ඩයලොග් සමාගම ඉටුකරන කාර්යභාරයන් සමඟ මෙම උත්සාහයන් සබැඳේ.

 මේ පිළිබඳ අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා ”ඩයලොග් හි තිරසාර ගමනේ කොටසක් ලෙස අප සමාගමට හා සියලූ ගනුදෙනුකාර භවතුන්ට වටිනාකමක් එක් කරන අවස්ථාවන් හඳුනාගනිමින් පරිසරයට සිදුවන හානිකර බලපෑම් තේරුම් ගැනීමට හා අවම කිරීමට, ඉවත් කිරීමට පවා හෝ නැවත ආපසු හැරවීමට අප බලාපොරොත්තු වනවා. මෙම ISO 14001(2015 තත්ව සහතිකය ඩයලොග් හි පාරිසරික ක‍්‍රියාකාරීත්වය ඉදිරියට යෑම ඇගයීම, අධීක්ෂණය හා වාර්තා කිරීම උත්තේජනය කරනු ඇත. එමෙන්ම පරිසරයට සිදුවන අහිතකර බලපෑම් තවදුරටත් අවම කිරීමට කාර්ය රාමුවක් සපයන අතර, තිරසාර හා හරිත හෙට දිනක් වෙනුවෙන් සාමූහිකව කටයුතු කරමින් නෛතික හා නියාමන බැඳීම් ආරක්ෂා කරනවා’ යනුවෙන් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment