Jacqueline සමග Celebrities ලා විසිහතරක් RFCC 2023 එළිබසී

218

ලංකාවේ ආර්ටිස්ලට ෂෝවීල් එකක් නෑ…..

පසුගිය 11 වැනිදා සන්ධ්‍යාවේ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ කිංග්ස් කෝර්ට් පරිශ්‍රයට කලා ලොවේ තරු රැසක් එකතු වුණේ RFCC 2023 අසිරිය විඳ ගැනීමේ අරමුණිනි. ඇත්තටම කාගෙ ෂූට් එකද ලස්සන. බලන බලන ෂූට් එක හරි ලස්සනයි. එහෙම කාගෙවත් ෂූට් එකක් විශේෂයි කියලා කියන්න බැහැ. නිරන්තරයෙන් දකින කලාකරුවන්ගේ රුව හාත්පසින්ම වෙනස් කර වෙනස්ම සංකල්පයක් ඔස්සේ රූගත කිරීම් සිදු කරන රැෆෙල්ලා ප්‍රනාන්දු RFCC 2023 ගැන දැක්වූයේ මෙවැනි අදහසකි.

Jacqueline සමග Celebrities ලා විසිහතරක් RFCC 2023 එළිබසී

● RFCC 2023 ගැන කතා කළොත්?

මේකේ ඉන්න පිරිස ගැන මම මුලින්ම කියන්නම් කැලුම් විජේසූරිය, ශනුද්‍රි, දිනිති, ධනු, පබෝධා, උපේක්‍ෂා, හිමාලි, චාන්දනී සෙනවිරත්න, කාංචනා, අනුරාධි, දිනක්‍ෂි, ශලනි, සචිනි, නිම්මි හරස්ගමුව, සචිනි, කැරොලයින්, රශිප්‍රභා, රොෂාන්, සංගීතා, සඛීතා වගේම ජැක්ලීන් ෆර්නෑන්ඩු වගේ පිරිස තමයි ඉන්නේ.

● 2022 ට වඩා 2023 වෙනස් කරන්න මොන වගේ උපක්‍රම ද භාවිතා කළේ?

මෙදාපාර මට ඕනෑ වුණා වෙනස් ෆ්ලේවර් එකක් ගේන්න. මේ සෑරේ ෆොටෝවල වුණත් මම වෙනදා කරලා තිබ්බට වැඩිය සෑහෙන වෙනස් විදිහේ ස්ටයිල් එකක් පාවිච්චි කරලා තියෙනවා. පසුගිය කාලය පුරාවටම අපි ඉන්ටර්නැෂනල් ෆ්ලැට්ෆෝර්ම් එකම මාර්කට් කළා. හැබැයි පළමුවැනි වතාවට තමයි ජාත්‍යන්තර නියෝජනයක් තියෙන්නේ. ග්ලෝබල් අයිකොන් කෙනෙක්ව ෆීචර් කරන්න හම්බ වුණ පළමුවැනි වතාව. ක්ලැන්ඩරයෙන් පසුවත් ඉන්දියාවට සහ සවුත් ඒෂියන් රීජන්ට් එකට අපිව මාර්කට් කරන්න පුළුවන්කමක් හම්බ වෙයි කියලා හැම අවුරුද්දෙම අපි ජාත්‍යන්තරයට ගියා.

Jacqueline සමග Celebrities ලා විසිහතරක් RFCC 2023 එළිබසී

● ජැක්ලීන්ව සම්බන්ධ කරගත්තේ කොහොමද?

මුලින්ම මම එයාගේ Circus Movi ප්‍රමෝෂන් ෆොටෝ ෂූට් කළා. මුම්බායිවලදී එයා මම වැඩ කරපු විදිහට හරි කැමැති වුණා. ඊට පස්සේ මම එයාට මගේ කැලැන්ඩරය පෙන්නුවා. ඊට පස්සේ හරි කැමැති වුණා කැලැන්ඩරයට සම්බන්ධ වෙන්න. ඒක මම ලැබූ ලොකු ජයග්‍රහණයක්.

● ජාත්‍යන්තර නියෝජනයක් එකතු කර ගැනීම ගැන තිබෙන හැඟීම මොන වගේද?

සතුටුයි ගිය වසරේ මේ කැලැන්ඩරය අවුට් වුණාට පස්සේ මට තිබුණ එක හීනයක් තමයි ජාත්‍යන්තරයත් එකතු කරගෙන මොනවා හරි වෙනස් දෙයක් කරන්න ඕනෑ කියලා. හිතා ගන්න බැරි විදිහට හිතපු නැති විදිහට මේ වගේ ජැක්ලීන්ව ක්ලැන්ඩරයට ගන්න පුළුවන් වුණා. මොකද අපි බොලිවුඩ්වල තමයි ෂූට් එක කළේ. මේ හින්ද ක්ලැන්ඩරයත් වෙනම ලෙවල් එකට යනවා.

Jacqueline සමග Celebrities ලා විසිහතරක් RFCC 2023 එළිබසී

● RFCCආරම්භ කරලා කොච්චර කල්ද?

දැන් මේ අවුරුද්දට අවුරුදු එකොළහක් වෙනවා හැම අවුරුද්දෙම අපි අලුත් පිරිසක් එක්ක අලුත් දෙයක් කළා. මෙවර ජැක්ලීන් සම්බන්ධ වුණේ එයාගේ කැමැත්ත ඇතිව. ඒක කලාතුරකින් වෙන දෙයක්.

● ජැක්ලීන්ට ලොකු මුදලක් ගෙවන්නත් සිද්ධ වුණාද?

ඇත්තටම මාව එයා ඉන්දියාවේ වැඩේට සහභාගි කරවා ගන්නේ ප්‍රමෝෂන් එකකට. මම මුදලක් වියදම් කළේ නෑ. ජැක්ලීන් මට නොමිලේ මේ වැඩේ කරලා දුන්නේ.

● ආර්ථික අර්බුද, විදුලි අර්බුද, ඉන්ධන අර්බුද මැද්දේ කොහොමද මේ අභියෝගය ජය ගත්තේ?

මම හිතන්නේ අභියෝග කියන දේවල් නිතර එනවා. මේ අවුරුද්දේ අපිට මීටත් වැඩිය අභියෝග තියේවි. ඉතින් අපි කරන වැඩ නතර නොකර කොහොම හරි ඒවා කරන්න ඕනෑ. අර්බුදවලට යට වෙලා ඉන්නවා නම් අපිට කවදාවත් උඩට එන්න හරි සාර්ථක වෙන්න හරි අමාරුයි. අපි මේවත් එක්ක ගැටිලා ඉදිරියට ඇවිත් වැඩ කරන්න ඕනෑ. වැටෙන්න ඕනෑ. තුවාල වෙන්න ඕනෑ වගේම මේ හැමදේම වෙන්න ඕනෑ. මේ කාලසීමාව ඇතුලේ අපි ඉදිරියට එන්න නම්.

Jacqueline සමග Celebrities ලා විසිහතරක් RFCC 2023 එළිබසී

● මෙවර තෝරා ගත් නළු නිළියන් ඔබත් සමග අමනාප වෙලත් ඇති නේද?

සමහර අය නම් පොඩ්ඩක් අමනාප වෙලත් තියෙනවා. නැත්තෙමත් නැහැ. හැබැයි බොහෝ දෙනෙක් මේ වැඩේට හරි ආදරෙයි. ඔවුන් හිටියත් නැතත් මට මාර සහයෝගයක් ලබාදෙනවා. ඒක හරි වටිනවා. මේක ආර්ටිස්ලාත් එක්ක කරන කැලැන්ඩරයක්. මේක ඇතුලේ ඒ වෙනස වෙන්නත් ඔවුන්ගේ සහයෝගය අනිවාර්යයෙන්ම ඕනෑ. එයාලගේ සහයෝගය නැති නම් මට මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න අමාරුයි. එයාලටත් ඒ උනන්දුව තියෙනවා. එයාලටත් මේකෙන් වෙන වෙන විදිහේ වැඩ හම්බ වෙන හින්ද. එයාලත් මේ වැඩේට ආසයි. පිටු 12 න් පිටු 24 ට ගියේ අපිට වැඩිපුර කට්ටිය එක්ක වැඩ කරන්න ඕනෑ හින්දමයි. 24 න් තව අපිට යන්න තැනක් නෑ.

● චිත්‍රපටයේ වැඩ කටයුතු එහෙම කොහොමද?

ගිය වසරේ මැදදී ඒ වැඩේ නැවැත්තුවාට පස්සේ ආපහු ඒ වැඩේ පටන් ගත්තේ නෑ. හැබැයි මේ වසරේ අනිවාර්යයෙන්ම පටන් ගන්නවා වගේම ඒ වැඩේ ඉවර කරනවා. අපි පටන් ගන්න හිටපු හැම වෙලාවකම විවිධ බාධක ආවා. දැන් නම් ආපහු අතරමඟ නවත්වන්නේ නැතිව වැඩේ පටන් ගන්නවා. මේ අවුරුද්දේ මැදදී අපි අනිවාර්යයෙන්ම පටන් ගන්නවා.

Jacqueline සමග Celebrities ලා විසිහතරක් RFCC 2023 එළිබසී

●පසුගිය දවස්වල ජාත්‍යන්තර තරගාවලියකටත් ඉදිරිපත් වුණා නේද?

ඔව්. ඒක ඇත්තටම නිව්යෝර්ක්වල තමයි තිබුණේ. ඔහුගේ පින්තූරයකට තමයි ස්පෙෂල් ජූරි එවෝර්ඩ් එකක් හම්බ වුණේ. වර්චුවල් ඔස්කාර් කියලා තමයි යන්නේ. ෆොටෝග්‍රැෆර්ස්ලාට ඒක ඔස්කාර් හා සමානයි. ඒක ඇමරිකාවේ පවත්වන ජනප්‍රිය සම්මාන උළෙලක්. 14,000 කින් 50 දෙනෙක් තමයි තෝරාගෙන තිබුණේ. ඒ පනස්දෙනා අතරට එන්න පුළුවන් වීම මම දකින්නේ ලොකු දෙයක් විදිහට. ලෝකයේ හිටපු හොඳම ඡායාරූප ශිල්පීන් තමයි මෙම සම්මාන උළෙලට සහභාගි වුණේ. ඒ ්අතරට මට එන්න පුළුවන් වීම මා ලැබූ ලොකු ජයග්‍රහණයක්.

ඍත්‍ක්‍ක්‍ කන්සෙප්ට් එකේ බලාපොරාත්තුව?

අපි ලංකාවේ ආර්ට්ස්ලාව දකින්නේ හුඟක් පහළ මට්ටමක. ඒක හැම කැම්පේන් එකකම එහෙමයි. ඒත් ජාත්‍යන්තරයේ එහෙම නෙමෙයි. ඉතින් මේක වෙනස් කරන්න ඕනෑ හින්දමයි මේ වැඩේ පටන් ගත්තේ. ආර්ට්ස්ලාගේ හැකියාව සහ ඔවුන්ගේ දක්ෂතාව පෙන්වන්න පුළුවන් ඡායාරූප අරගෙන යමක් කරන්න ඕනෑ කියලා හිතුවා. ඔවුන් ඔවුන්ව නොදකින විදිහේ ෂූට් තමයි කළේ. ඒ වැඩේට ඔවුන් කැමැතියි. චිත්‍රපට, ටෙලිනාට්‍යවලත් එක එක චරිතවලට අපේ කලාකරුවෝ ප්‍රේම් වෙලා ඉවරයි. ඒක වෙනස් කරන්න ඕනෑ වුණා. හැම පාරම අප්ඩේට් වෙන්න ඕනෑ. මම ඒක කරන්නයි උත්සාහ කළේ. ජාත්‍යන්තරයේ මේකට කියන්නේ ෂොර් වීල් එකක් කියලා. අපේ ලංකාවේ ආර්ටිස්ලට ෂෝවීල් එකක් නෑ. එකම විදිහේ තමයි තියෙන්නේ. ඒකට පොඩි වෙනසක් ඇති කරන්නයි මම මේ උත්සාහ ගත්තේ. ඒක යම්තාක් දුරකට සාර්ථකයි කියලා හිතනවා. හැබැයි තව ගොඩක් දුර යන්න තියෙනවා. ●

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment