වාර්තාවට අනුව ඇමැති කියයි
ගුවන් හමුදාවට අයත් K-8 පුහුණු ජෙට් යානය වාරියපොල මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී විනාශයට පත් වූයේ ගුවන් නියමුවන්ගේ අත්වැරදීමකින් බව සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ 07 දෙනකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුව විසින් ලබාදී ඇති වාර්තාවට අනුවය.
මෙම කමිටු වාර්තාවට අනුව විනාශයට පත් වූ K-8 ප්‍රහාරක යානයේ එන්ජිම පැරණි එකක් නොවන බවත් එය හොඳින් නඩත්තු කර තිබූ බවත් පවසයි.
මෙම යානය පැදවූ ගුවන් නියමුවන්ට සිදුවූ අත්වැරදීම සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ගුවන් හමුදාව විසින් ආරම්භ කර තිබේ.
ගුවන් හමුදාවට අයත් K-8 ප්‍රහාරක ජෙට් යානය වාරියපොල මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටුණේ ඉකුත් 21 වැනිදාය. ගුවන්යානය කඩාවැටීමට පෙර එහි නියමුවෝ පැරිෂුට් මාර්ගයෙන් බිමට පැන දිවි ගලවා ගත්හ.
හේමන්ත රන්දුණු