KAF ට කඩුලු 07ක ජයක්

83

ලංකා ප්‍රිමිය ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති 11 වැනි තරගය වූ ජැෆ්නා කිංග්ස් (JF) සහ කැන්ඩි ෆෝල්කන් (KAF) අතර තරගයේ ජය KAFට හිමි විය.පළමුව පන්දුවට පහරදුන් JF සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 07 ක් දැවී ලකුණු 224ක් ලබා ගැනීමට සමත් විය.පැතුම් නිස්සංක 119යි.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ KAF පන්දු වාර 18.2 කදී කඩුලු 03ක් දැවී ලකුණු 230ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.දින්ෂ් චන්දිමාල් 89, කමිදු මෙන්ඩිස් නොදැවී 65 යි.ඒ අනුව KAF ට කඩුලු 07ක ජයක් හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment