Lanka SSL සමාගමට ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයක්

93

ශ්‍රී ලංකාව තුළ උසස්ම තත්ත්වයේ කම්බි නිෂ්පාදනයේ නියුතු ප්‍රමුඛතම සමාගමක් වන Lanka Special Steel Limited (Lanka SSL)සිය විශිෂ්ටත්වය සහ ප්‍රමිතිය යළි පසක් කරමින්, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 2021 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ ව්‍යාපාර අංශයේ රිදී සම්මානය දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේද ලියාපදිංචි සමාගමක් වන Lanka SSL යන EB Creasy & Company PLCහි අනුබද්ධිත ආයතනයකි. එම සම්මානයට අමතරව නිෂ්පාදන- වෙනත් අංශයේ ජයග්‍රාහකයා ලෙසද Lanka SSL සම්මානයට පාත්‍රවීම කැපී පෙනුණි. මිට ඉහතදීද එනම් 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදීද මහා පරිමාණ ව්‍යාපාර අංශයේ ලෝකඩ සම්මානය සහ නිෂ්පාදන වෙනත් අංශයේ රන් සම්මානය දිනා ගැනීමට Lanka SSL සමාගමට හැකි විය.

මෙරට SLS ප්‍රමිතිය හිමි එකම Hot dipped ගැල්වනයිස් කම්බි නිෂ්පාදනයේ පුරෝගාමියා වන Lanka SSL සමාගම නැවත වරක් සිය සුවිශේෂීත්වය ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකාවේ එකම SLS සහතිකය හිමි කටු කම්බි නිෂ්පාදන පෙළපසුගිය වසර අවසානයේදී හඳුන්වාදීමටද පියවර ගත්තේය. තවද ඉන්දියානු වෙළෙඳපොළට ගැල්වනයිස් කම්බි අලෙවි කිරීම සහ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් IS 280 : 2006 දරන BIS සහතිකයද සමාගමට හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment