Lanka SSL සමාගම SLS ප‍්‍රමිතියෙන් යුතු එකම කටු කම්බි නිෂ්පාදනය මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙයි

197

මෙරට SLS ප‍්‍රමිතිය හිමි එකම hot dipped ගැල්වනයිස් කම්බි නිෂ්පාදනයේ පුරෝගාමියා වන ඛ්බන් Lanka Special Steel Limited (Lanka SSL) සමාගම, සිය සුවිශේෂීත්වය නැවත වරක් ප‍්‍රදර්ශනය කරමින්, ශ‍්‍රී ලංකාවේ එකම SLS සහතිකය හිමි කටුකම්බි
පසුගියදා දේශීය වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය.

ඉහළම ගුණාත්මක භාවයකින් යුත් කටුකම්බි නිෂ්පාදනය පිළිබඳ කීර්තියක් උසුලන Lanka SSL සමාගම යනු E B Creasy& Compane PLC හි පූර්ණ අනුබද්ධිත ආයතනයකි.

ගුණාත්මක බව සහ නවෝත්පාදන පිළිබඳ නිරන්තර අවධානයක් යොමු කරන සමාගම, පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල ලෙස ආයෝජන සිදු කරයි. 2019 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලය සමග එක්ව ක‍්‍රියාත්මක කළ පර්යේෂණයකින් හෙළිදරව් වූයේ, (රටේ විවිධ ස්ථානවලට අදාළව මලකඩ කෑමේ හැකියාවට අනුපාතව) සමාගම නිපදවන hot dipped ගැල්වනයිස් කම්බිවල ආයු කාලය වසර 25ක්ද ඉක්මවන බවයි. ISO 9001:2015, ISO 45001:2018 සහතික හිමි Lanka SSL සමාගම දශක තුනකට ආසන්න කාලයක් පුරා ශ‍්‍රී ලංකාවේ ගැල්වනයිස් කම්බි නිෂ්පාදන අතුරින් ප‍්‍රමුඛයා ලෙස

පාරිභෝගික භවතුන්ගේ විශ්වාසය දිනාගෙන ඇත. සපුගස්කන්දේ පිහිටි අතිනවීන කර්මාන්තශාලා පරිශ‍්‍රයේදී නිපදවෙන මෙම කම්බි, ලොව උසස්ම තත්ත්වයේ නිෂ්පාදන හා සම තත්ත්වයේ පවතී. ISO 139:2003 සහතිකය ලත් එකම නිෂ්පාදනය වන්නේද Lanka SSL සමාගමේ hot dipped ගැල්වනයිස් කම්බියයි. සමාගමේ නවතම කටුකම්බි නිෂ්පාදනයට ISO 31:1988 සහතිකය හිමිව තිබේ.

වසර 25ක ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන කම්බි කර්මාන්තයේ පුරෝගාමියකු වශයෙන්, අපගේ පාරිභෝගිකයන්ට උසස්ම තත්ත්වයේ නිෂ්පාදන පිරිනැමීම සඳහා ඒවායේ ගුණාත්මකභාවය වැඩිකිරීමට අපි අඛණ්ඩව කැපවී සිටිමු. එවැනි පසුබිමක, SLS 31 ප‍්‍රමිතිය හිමි එකම කටුකම්බි නිෂ්පාදනය හඳුන්වාදීමට හැකිවීම අපට මහත් සතුටක්. අපගේ නිෂ්පාදන මෙහෙයුම් ආශ‍්‍රිත ගුණාත්මකභාවය, නාවෝත්පාදනය හා තිරසාර බව පවත්වා ගනිමින් අපගේ නිෂ්පාදන පෙළ සහ වෙළෙඳපොළ තවදුරටත් පුළුල් කිරීම අපගේ බලාපොරොත්තුවයි යනුවෙන් Lanka SSL ප‍්‍රධාන විධායක නිලධාරි / අධ්‍යක්‍ෂ ප‍්‍රවීන් ද සිල්වා මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment