LankaPay Technnovation Awards – 2023 අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්කරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් වූ සමස්ත රන් සම්මානයෙන් LOLC‍ ෆිනෑන්ස් පීඑල්සී පිදුම් ලබයි

175

■ මූල්‍ය අන්තර්ගතකරණය සඳහාවූ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය – රන් සම්මානය

■ පාරිභෝගික පහසුව සැලසීමෙහිලා විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය – රන් සම්මානය

■ JustPay ජාලය හරහා ගෙවීම් සිදුකිරීමෙහිලා වූ විශිෂ්ටතම ජංගම දුරකතන යෙදවුම – iPay – බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩය

■ ජනප්‍රියතම ඩිජිටල් ගෙවුම්කරණ නිපැයුම – බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩය සඳහා වූ කුසලතා සම්මානය – iPay

■ අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්කරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් වූ සමස්ත රන් සම්මානය – බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩය

LOLC ෆිනෑන්ස් පීඑල්සී, “LankaPay Technnovation Awards – 2023” සම්මාන ප්‍රදානයේදී මූල්‍ය ක්ෂේත්‍රයේ ඩිජිටල් නියමුවෙකු ලෙස සිය ස්ථාවරත්වය තහවුරු කරමින් මෙවරත් මුල් පෙළ සම්මාන 5 ක් ජයග්‍රහණය කිරීමට සමත් විය.

එහිදී අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්කරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් වූ සමස්ත රන් සම්මානය ජයග්‍රහණය කරනු ලැබුයේ අඛණ්ඩ දෙවන වසරටයි. මෙම සම්මාන තිළිණ තුලින් ඩිජිටල් අවකාශයේ බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩය තුළ සමාගමේ ප්‍රමුඛත්වය යලිත් තහවුරු වෙයි. දිවයිනේ විශාලතම සහ ඉහලම ලාභයක් සහිත බැංකු නොවන මූල්‍ය ආයතනය ලෙස LOLC ෆිනෑන්ස්, මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයක නියමුවෙකු ලෙස අද්විතීය ස්ථානයකට පැමිණ සිටී.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්, LOLC ෆිනෑන්ස් පීඑල්සී සභාපති කොන්රඩ් ඩයස් මහතා, LankaPay Technnovation Awards – 2023 සම්මාන ප්‍රදානයේදී iPay ඩිජිටල් සේවාව අඛණ්ඩ දෙවන වසරටත් අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්කරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් වූ සමස්ත රන් සම්මානය ජයග්‍රහණය කිරීම සහ ප්‍රමුඛ සම්මාන 05 ක් මෙවර ජයග්‍රහණය කිරීම අපට ඉමහත් ආඩම්බරයකි. වසරක් පාසා අඛණ්ඩව මෙම සම්මාන ජයග්‍රහණය කිරීම තුළින් ඩිජිටල් ගෙවීම් අවකාශය තුළ LOLC ෆිනෑන්ස් හි පූර්ණ ආධිපත්‍යය තහවුරු වෙයි. වෙළඳපොලේ අනෙකුත් යෙදවුම් හා සසඳන විට iPay, මසක් තුළ වැඩිම ඩිජිටල් ගණුදෙනු සංඛ්‍යාවක් වාර්තා කරන අතර එය සීග්‍රයෙන් වර්ධනය වෙයි. ශ්‍රී ලංකාවේ සියළුම JustPay ඩිජිටල් ගෙවීම් වලින් 55% ක වෙළඳපොල කොටසක් දරන අපි ගණුදෙණුකරු ගෙවීම් ක්‍රියාවලියට පිවිසුණු අවස්ථාවේ සිට, පරිශීලක අත්දැකීම් වැඩි දියුණු කරමින් ගණුදෙණුකාර සමූහය සහ ගණුදෙනු අගයන් වර්ධනය කරලීම සඳහා කැපවී සිටිමු යැයි කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ LOLC ෆිනෑන්ස් පීඑල්සී විධායක අධ්‍යක්ෂ /ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් තිලකරත්න මහතා, LankaPay Technnovation සම්මාන උළෙලේදී නැවත වරක් සියල්ලන් අභිබවා විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට හැකිවීම ගැන අපි අතිශයෙන් සතුටු වෙමු. සෑම වසරකදීම LOLC ෆිනෑන්ස් මෙම සම්මාන උළෙලේ මුල් පෙළ සම්මාන සියල්ල හිමිකර ගන්නේ, බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සිය තත්ත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් සහ ඩිජිටල් ගෙවීම් අවකාශයේ සැබෑ පෙරළිකරු ලෙස iPay හි ප්‍රමුඛත්වය රැකගනිමිනි. මූල්‍ය අන්තර්ගතකරණය සඳහා වසරේ බැංකු නොවන මූල්‍ය ආයතනය ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීම ඒ සඳහා අප දරන නොපසුබට උත්සාහය පිළිගැනීමට සාක්ෂියකි.

advertistmentadvertistment
advertistmentadvertistment