LB Financeැ සමාගම, CIM ඩිජිටල් යෙදවුම හරහා රන් ණය සේවාවේ පෙරළිකාර වෙනසක් ඇති කරයි

107

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ මූල්‍ය ආයතනයක් වන එල් බී ෆිනෑන්ස් සමාගම, තම රන් ණය සේවාවන් තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම උදෙසා පෙරළිකාර ඩිජිටල් විසඳුමක් හඳුන්වා දී ඇත.

LB CIM ඩිජිටල් මුදල් පසුම්බිය (Smart ජංගම දුරකථන යෙදවුම) භාවිතා කරමින්, රන් ණය පාරිභෝගිකයන්ට තම රන් ණය අත්තිකාරම් මුදලට තවත් වැඩිපුර මුදලක් ලබා ගත හැක. ණය මුදල වැඩි කරගැනීමට ඉල්ලූම් කිරීමෙන් පසු එම මුදල LB CIM ඩිජිටල් මුදල් පසුම්බියට තත්පර 30ක් වැනි කෙටි කාලයක් තුළ බැරවන බැවින් එය රන් ණය ගනුදෙනු පහසු වීමේ සුවිශේෂී සංධිස්ථානයකි. ශීඝ‍්‍රයෙන් ඩිජිටල්කරණය වන වෙළෙඳපොළක පාරිභෝගික අවශ්‍යතා සඳහා සරිලන අන්දමින් මෙවැනි පෙරළිකාර ඩිජිටල් විසඳුම් හදුන්වා දීමෙන් එල් බී ෆිනෑන්ස් සමාගම තම සේවාවන් සඳහා නව අගයන් එකතු කිරීමට ගන්න උත්සහය මනාවට පිළිබිඹු වේ.

ශ‍්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන අතර රන් ණය වෙළෙඳපොළෙහි ප‍්‍රමුඛයා වන්නේ එල් බී ෆිනෑන්ස් සමාගම වන අතර, එම`ගින් දිවයින පුරා විසිරුන පුළුල් පාරිභෝගිකයන් සංඛ්‍යාවකට සේවාව සපයයි. එල් බී ෆිනෑන්ස් සමාගමෙහි සේවාවන් ඩිජිටල්කරණය කිරීමෙහිලා කේන්ද්‍රීය ලක්ෂය ලෙස LB CIM ඩිජිටල් මුදල් පසුම්බිය (ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුම) වර්ෂ 2019 දී සමාගම හඳුන්වා දෙන ලදී.

මෙම විශේෂ හඳුන්වා දීම පිළිබඳව තම අදහස් දක්වමින් එල් බී ෆිනෑන්ස් සමාගමෙහි රන් ණය අංශ භාර ප‍්‍රධාන කළමනාකරු වන සුරාජ් කරුණානායක මහතා සඳහන් කළේ තම පාරිභෝගිකයන්ට සපයන සේවාවෙහි ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා සමාගම හඳුන්වා දුන් ජනප‍්‍රිය LB CIM (Cash-In-Mobile) ඩිජිටල් මුදල් පසුම්බි යෙදවුම හරහා හැකියාව ලැබීම ඉතාමත්

සතුටට කරුණක් බවත්, වෙනස්වන
ාරිභෝගික අවශ්‍යතා හා රන් ණය කර්මාන්තයේ නව පෙරළියක් හඳුනා ගනිමින් ඒ අනුව තම සේවාවන් අනුගත කිරීම සමාගමෙහි දිගුකාලීන සාර්ථකත්වයෙහිලා රහස බවත් ය. ඉතා ඉක්මනින් හා කාර්යක්ෂමව සේවාවන් සැපයීමට ඇති හැකියාව මගින් එල් බී රන් ණය සේවාවන් විශේෂ වේ. රන් ණය පාරිභෝගිකයන්ගේ ඉල්ලූමේ රටාව හා අවශ්‍යතාවය අනුව ඔවුන්ට අවශ්‍ය ඕනෑම වේලාවක ක්‍ෂණිකව ණය මුදල් ලබා දීමට හැකිවන පරිදි මූල්‍ය ආයතන සතුව ක‍්‍රමෝපායමාර්ග තිබීමේ ඇති වැදගත්කම ද ඔහු මෙහි දී ඉස්මතු කරන ලදී. LB CIM ඩිජිටල් මුදල් පසුම්බි යෙදවුම, ආයතනයේ ප‍්‍රධාන රන් ණය මූල්‍ය සේවාවන් හා ඒකාබද්ධ කර ඇති බැවින් ඩිජිටල්කරණය තුළින් සතියේ ඕනෑම දිනක ඕනෑම වෙලාවක සක‍්‍රීයව සේවාවන් සැපයීමටත්, කොවිඞ්-19 වසංගත තත්ත්වය පාලනයට පනවන සංචරණ සීමා අතරතුරත් අඛණ්ඩව බාධාවකින් තොරව ශාඛාවන්ට පිවිසීමකින් තොරව සේවාවන් ලබා දීමටත් අත්‍යවශ්‍ය නම්‍යශීලීත්වය LB CIM ඩිජිටල් මුදල් පසුම්බි යෙදවුම හරහා ලැබී ඇති බව ද සුරාජ් කරුණානායක මහතා සඳහන් කළේ ය.

advertistmentadvertistment
advertistmentadvertistment