LB Finance ඇඹිලිපිටිය නින්දගම්පැලැස්ස විද්‍යාලයේ දරු දැරියන්ට පාසල් උපකරණ පරිත්‍යාග කරයි

58

LB Finance මූල්‍ය හා ලීසිං සමාගමේ සමාජ සත්කාරක වැඩසටහන් යටතේ ක්‍රියාත්මක තවත් උදාරකර ව්‍යාපෘතියක් වන එළැඹෙන පාසල් වාරය වෙනුවෙන් පාසල් දරු දැරියන් සඳහා අභ්‍යාස පොත්” බෑග් හා පාසල් උපකරණ පරිත්‍යාගයක් පසුගියදා සිදු කෙරිණි.

මේ දුෂ්කර කාල සමයේ දරුවන්ගේ අධ්‍යාපනය මග නොහැරෙන්නට අත්වැලක් සැපයීම මූලික අරමුණ කරගත් මෙම ව්‍යාපෘතිය යටතේ ඇඹිලිපිටිය නින්දගම්පැලැස්ස විද්‍යාලයේ දරු දැරියන් වෙනුවෙන් මෙම පරිත්‍යාගය LB Finance මූල්‍ය හා ලීසිං සමාගම විසින් සිදුකරනු ලැබීය.

මෙහි විශේෂත්වය වන්නේ එක ශ්‍රේණිය 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා නින්දගම්පැලැස්ස විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සියලු‍ම දරුවන්ට මෙම පරිත්‍යාගයන් හිමි වීමයි. මෙම අවස්ථාව සඳහා LB Finance මූල්‍ය සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක සුමිත් ආදීහෙට්ටි මහතා, අලෙවි ප්‍රධානී සුදීප් පෙරේරා මහතා ඇඹිලිපිටිය LB Finance ශාඛාවේ නිලධාරීන් ඇතුළුව කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහභාගි විය. පසුගිය නත්තල් සමයේ සිට පාසල් කිහිපයක මෙම සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක’කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment