(වම් පසින්) ලීඩර් කයිජී බැටරි සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ දුශාන්ති කුරේ දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ මහා පරිමාණ කාණ්ඩයේ වසරේ හොඳම නිෂ්පාදකයා සම්මානය ලබාගනිමින්. (දකුණු පසින්) ලීඩර් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී මිතුල රත්නායක ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ මධ්‍යම පරිමාණ අංශයේ රන් සම්මානය ලබාගනිමින්.

බැටරි තාක්ෂණය හා සම්බන්ධ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ‘Leader Group‘ 2023 වසරට අදාළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ දී සහ දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වී තිබේ.

ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ මධ්‍ය පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමටත්, දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ මහා පරිමාණ ඛාණ්ඩයේ වසරේ හොඳම නිෂ්පාදකයා බවට පත් වීමටත් එම සමාගමට හැකි විය.

දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ මහා පරිමාණ ඛාණ්ඩයේ, විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික මෝටර් රථ සංරචක අංශයේ වසරේ හොඳම නිෂ්පාදකයා ලෙස ‘Leader Group‘ සම්මානයට පාත්‍ර විය. ‘Leader Kaijie Battery‘ පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ, දුෂාන්ති කුරේ නවෝත්පාදන සහ තාක්ෂණය සඳහා සමාගම සතු කැපවීම පිළිබඳව අදහස් දැක්වූවාය. අපි ඉදිරයේ තියෙන්නේ අභියෝගාත්මක, නමුත් සාර්ථක ගමනක්. තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍ර පිළිබඳව දැඩි උනන්දුවක් දක්වමින් බැටරි නිෂ්පාදනය ආශ්‍රිත ප්‍රධාන පෙලේ අභියෝගවලට මුහුණ දෙන්න අපි කටයුතු කරනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment