LG ගම හදන නියමුවා වැඩසටහන යටතේ වැඩ අවසන් වූ ව්‍යාපෘති ජනතා අයිතියට පත් කෙරේ

99

ග‍්‍රාමීය ජන ජීවිතය ඉහළට ඔසවා තැබීම උදෙසා කි‍්‍රයාත්මක වූ LG ගම හදන නියමුවා වැඩසටහන යටතේ සම්පූර්ණයන් වැඩ අවසන් වූ ව්‍යාපෘති හතර පසුගිය දිනවල ජනතා අයිතියට පත් විය.

ලොව සුපතල ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන දැවැන්තයෙකු වන LG සමාගම, ශිී‍්‍ර ලාංකික ව්‍යාපාර දැවැන්තයෙකු වන අබාන්ස් සමූහ ව්‍යාපාරය, Community Chest of Korea සංවිධානය සහ Korea Friends of Hope International Sri Lanka සංවිධානය (KFHI) එකට එකතුව දියත් කළ LG ගම හදන නියමුවා වැඩසටහනේදී ශී‍්‍ර ලංකාවේ තරුණ ප‍්‍රජාවට සිය ග‍්‍රාමීය ප‍්‍රදේශයන්ගේ අඩුපාඩු පෙන්වා දෙන නියමුවන් බවට පත් වෙමින් ඒවා සම්පූර්ණ කර ගැනීමේදී පෙරමුණ ගැනීමට අවස්ථාව සලසන ලදී.

මෙහි පළමුවෙන් ජනතා අයිතියට පත් වූයේ වවුනියාව, දරණිකුලම් ග‍්‍රාමයේ වාසය කරන පවුල් 610 ක් වෙත පිරිසිදු පානීය ජලය ලබා දීමේ ”දිවියට දිය බිඳක්” නම් වූ ව්‍යාපෘතියයි. එම ප‍්‍රදේශයේ ජනතාව බීමට සපයා ගන්නා ජලය පිරිපහදු කිරීමට අවශ්‍ය RO ජල පිරිපහදු පද්ධතියක් සවි කිරීමට මෙහිදී කටයුතු කරන ලදී.

දෙවෙනියට ජනතා අයිතියට පත් වූයේ මඩකලපුව, සන්දිවේලි ග‍්‍රාමයේ ජනතාවට ආරක්‍ෂාකාරීව කළපුව හරහා ගමන් කිරීමට අවශ්‍ය ජීවිතාරක්‍ෂක කබායන් ලබාදීමේ ”ජීවිතයට සුරක්‍ෂාව” ව්‍යාපෘතියයි. මෙම ග‍්‍රාමයේ ජීවත් වෙන 8000 කට අධික ජනතාවට නගරය වෙත යාමේදී කළපුව හරහා බෝට්ටුවෙන් ගමන් කිරීමට සිදුවීම නිසා විශේෂයෙන් වැසි කාල වලදී කළපුව හරහා නගරය වෙත යාම දැඩි අවදානම් සහගත කටයුත්තක් වී තිබුණි. ඉලෙක්ටි‍්‍රක් බෝට්ටුවේ වරකට 80 දෙනෙකුට ගමන් කිරීමේ හැකියාව පැවති අතර ප‍්‍රදේශයේ වෙසෙන පාසැල් සිසුන්, ගුරුවරුන්, ගොවීන්, රෝගී තත්වයෙන් පසුවන්නන් ඇතුළු විවිධ පිරිස් මෙම අනාරක්‍ෂිත අත්දැකීමට මුහුණ දෙමින් තිබුණි. LG ගම හදන නියමුවා වැඩසටහන නිසා එම ගමේ ජනතාව මුහුණ දී තිබූ අවදානම් සහගත තත්වය කඩිනමින් තුරන් කර ගැනීමේ අවස්ථාව මේ වන විට සැලසී ඇති අතර එය එම ජනතාවට මහත් අස්වැසිල්ලක් වී ඇත.

බලංගොඩ, හඳගිරිය ග‍්‍රාමයේ කි‍්‍රයාත්මක කළ ”පෝෂණීය මතු පරපුරක්” ව්‍යාපෘතිය තුන්වන ව්‍යාපෘතිය වශයෙන් ජනතා අයිතියට පත් විය. වසර 30 කට වැඩි කාලයක් නිසි පරිදි නඩත්තු නොවී පැවති බලංගොඩ, හඳගිරිය ග‍්‍රාමයේ මාතෘ සායනය නවීකරණය කිරීමට මෙහිදී කටයුතු කෙරුණි. LG ගම හදන නියමුවා වැඩසටහන නිසා එම ග‍්‍රාමයේ ජීවත් වන මවුවරුන් සහ දරුවන් මුහුණ දී තිබූ සෞඛ්‍ය පහසුකම් සම්බන්ධ ගැටළුවක් විසඳා ගැනීමට හැකි වූ අතර එය එම ජනතාවට මහත් අස්වැසිල්ලක් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment