LNG ඇමරිකාවට නොදෙනු: ආණ්ඩුවට පක්ෂ 11 න් චෝදනා පත‍්‍රයක්

56

රටට ජනතාවට හිතැති ආණ්ඩු පෙළගැස්මක් සිදුකිරීම වෙනුවෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ එකොළහක් සිකුරාදා (29) ප‍්‍රතිඥා දුන්හ.

රටේ ජාතික සම්පත් විදෙස් රාජ්‍යයන් වෙත විකුණා දැමීමට එරෙහිව ජනතාවට කරුණු කීම වෙනුවෙන් ආණ්ඩුවේ හවුල්කර පක්‍ෂ ගොඩනගන ලද මහජන මන්ත‍්‍රණ සභාවේ මංගල සැසිය කොළඹදී අරඹමින් ඔවුහු එම ප‍්‍රතිඥාව දුන්හ.

මෙම හවුල්කාර පක්‍ෂ අතරට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා සමසමාජ පක්‍ෂය, ශී‍්‍ර ලංකා කොමියුනිස්ට් පක්‍ෂය, නව වාමාංශික පෙරමුණ, එක්සත් මහජන පක්‍ෂය, ජාතික කොංග‍්‍රසය යන ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ අයත් වේ.

මෙහිදී ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ නායකයෝ ආණ්ඩුවේ වත්මන් කි‍්‍රයාකලාපයන් බරපතළ ප‍්‍රශ්න ඇති කරමින් පවතින බවට චෝදනා එල්ල කළහ. එහෙයින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමක් වෙනුවෙන් මෙම මහජන මන්ත‍්‍රණ සභාව ස්ථාපිත කළ බවද කීහ.

මෙම කර්තව්‍යය දේශපාලන දැනුමක් ඇති අයට තේරුම් ගැනීමට පහසු වනු ඇති බවත් එසේ නොවන අයට තේරුම් ගැනීමේ යම් අපහසුතාවයක් ඇති වනු ඇති බවත් ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා කීවේය.

මෙම අවස්ථාවට පූජනීය මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ගෙවිඳු කුමාරතුංග, ටිරාන් අලස් ඇතුළු මන්තී‍්‍රවරු ද වෘත්තීය සමිති නායකයන් ද, සිවිල් සංවිධාන කි‍්‍රයාකාරීන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියහ.

සිරිමන්ත රත්නසේකර, ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment