LNG බලාගාරයට අභිප‍්‍රාය ලිපිය ලැබුණු සැණින් භාණ්ඩාගාරයට ඩොලර් මිලියන 500 ක් සමාගම එකඟතාව පළ කරයි

372

කැබිනට් අනුමැතිය ලැබී තිබෙන  මෙගාවොට් 488 කින් සමන්විත එල්.එන්.ජී. (ස්වභාවික ද්‍රව වාය)  බලාගාරයක් ඉදිකිරීමට සුදුසුකම් ලබා සිටින ලංකා අලෝක් සමාගමට බලාගාරය ඉදිකිරීමට අදාළ අභිප‍්‍රාය ලිපිය (LO) ලැබුණු සැණින් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට එකඟතාව පළකර ඇත.

 කෙරවළපිටිය ප‍්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන මෙම එල්.එන්්.ජී. විදුලි බලාගාර ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩල අනුමැතිය සහිතව විදෙස් ආයෝජන මත සිදුකරනු ලබන එකකි. ව්‍යාපෘතියේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියනයකි.

 මෙම විදුලි ව්‍යාපෘතියට අදාළව අවස්ථා හයකදී කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර ශ‍්‍රී ලංකා විදුලිබල පනතට අනුකූලව මෙරටට ගෙන එන ව්‍යාපෘතියකි.

 මෙම විදුලි බලාගාරය වසර දෙකහමාරකදී ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර එමගින් නිපදවන විදුලි ඒකකයක් රුපියල් 15 ක් වැනි මුදලකට ලංවීමට ලබාදීමට නියමිතය.

 මෙගොවොට් 488 කින් සමන්විත මෙම විදුලි ව්‍යාපෘතියට මුදල් අමාත්‍යාංශයේ අවසරය ඉල්ලා තිබෙන අතර එම අවසරය ලැබී අභිප‍්‍රාය ලිපිය ලැබුණු පසු මහා භාණ්ඩාගාරයට ඩොලර් මිලියන 500 ලබාදීමට නියමිතව ඇතැයි විදුලිබල අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

 ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment