LOLC සමූහ කළමනාකාර අධ්‍යක්ෂ /ප‍්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා ප‍්‍රධාන ආරාධිත ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ වෙතින් සම්මන තිළිණය ලබාගනී. කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, LOLC සමූහයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන, ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි සහ AIA ශ‍්‍රී ලංකා ප‍්‍රධාන විධායක නිඛිල් අද්වානි ද ඡායාරූපයේ වෙයි.
LOLC සිය අද්විතීය ශේණිගතකිරීම තවදුරටත් සුරක්ෂිත කරගනිමින් 2021 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන සමාගම් 10 අතරට පිවිස සිටී.
කළමනාකාරිත්ව ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය (CIMA) සහ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය – ශ‍්‍රී ලංකා ආයතනය (ICCSL) මඟින් වාර්ෂිකව ප‍්‍රදානය කරනු ලබන මෙම ගෞරවනීය සම්මානයෙන් LOLC පිදුම් ලැබූ අඛණ්ඩ තුන්වැනි වසර මෙයයි.
LOLC මෙම තත්ත්වය තහවුරු කරගනු ලැබූයේ මූල්‍ය සහ මූල්‍ය නොවන අංශයේ තවත් වසරක ශක්තිමත් ක‍්‍රියාකාරීත්වයත් සමඟිනි. වඩාත් අගනා සමාගම් සම්මාන ප‍්‍රදානය මඟින් සෑම වසරකදීම මූල්‍ය කාර්ය සාධනය මෙන්ම සිය කොටස් හිමියන්, ගණුදෙනුකරුවන්, සේවකයන් සහ පොදුවේ ප‍්‍රජාව උදෙසා නිර්මාණය කරන වටිනාකම් අනුව මෙලෙස සෙසු ආයතන අතර කැපී පෙනෙන ප‍්‍රශංසනීය සමාගම් පිළිගැනීමට ලක් කෙරේ.
මෙම ජයග‍්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් LOLC සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප‍්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා මෙසේ පැවසිය.”අඛණ්ඩව තුන්වැනි වරටත් මෙම සම්මානය හිමිකරගැනීම LOLC ලද සැබෑ ගෞරවයකි. LOLC සමූහය 2020 /21 මූල්‍ය වසරේ වඩාත් ලාභදායී ලැයිස්තුගත සමාගම ලෙස ඛඵෘ 100 ශේණිගතකිරීම් වල ප‍්‍රමුඛස්ථානය රඳවා ගැනීමටද සමත් විය.