LOLC දිවි සවිය පාසල් දෙදහසක කඩඉම පසු කරයි

89

ශ්‍රී ලාංකික බහුජාතික සමාගමක් ලෙස දශක හතරකට අධික කාලයක සිට මෙරට ජනතාව වෙනුවෙන් කැපවෙමින් සමාජය හමුවේ සිය ආයතනික සමාජ වගකීම් නොපිරිහෙලා ඉටුකරනු ලබන කීර්තිමත් සමාගමක් වශයෙන් LOLC සමූහය පෙන්වාදිය හැකිය. ඒ අනුව, මෙරට බහුතරයක් දුවා දරුවන් මුහුණ පාමින් සිටින දුෂ්කරතා පිළිබඳව අවබෝධ කරගත් LOLC සමාගම එම දූ දරුවන්ගේ අධ්‍යාපන ගමන්මඟ ජයගැනීම සඳහා වන සවියක් ලෙස ‘LOLC දිවි සවිය’ ව්‍යාපෘතිය 2023 පෙබරවාරි මස සිට දියත් කරනු ලැබූ අතර එම ව්‍යාපෘතිය යටතේ මේ වන විට පාසල් 2000 ක් සාර්ථකව ආවරණය කර තිබේ.

ඒ අනුව, 2023 සැප්තැම්බර් 15 වන දින පුන්කුඩතිවු රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසලේ දුවා දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ කට්ටල ලබාදීමත් සමඟ, සාර්ථක ලෙස මාස ගණනාවක් දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි දියත් කරනු ලැබූ දිවි සවිය වැඩසටහන, පාසල් 2000 ක් සපුරාලනු ලැබීය.

අනුරාධපුර හෙට්ටියාව ප්‍රාථමික විදුහලේ දෙමව්පියන් නියෝජනය කරමින් සකුන්තලා මහත්මිය මෙම ව්‍යාපෘතිය පිළිබඳව මෙසේ අදහස් ප්‍රකාශ කළාය.

LOLC දිවි සවිය අප පාසලේ සියලුම දරුවන්ට ඉගෙනුම් උපකරණ ලබා දුන්නා. කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් දෙමාපියන් ලෙස මෙය අපට මහඟු අස්වැසිල්ලක්. අපේ ගම්මානයේ ජනතාව කුසට අහරක් නොලබා, දරුවන්ගේ අනාගතය සරු කරන්නට අහස දෙස බලා සිටි මොහොතක අකලට වැටෙන වර්ෂාවක් සේ මෙවැනි සත්කාරයන් හරහා අපේ හදවත් තුළට සතුටක් ගෙන ඒම පිළිබඳව මම LOLC ආයතනයට ස්තූතිවන්ත වෙනවා. දරුවන්ට නිදහස් මනසකින් ඉගෙන ගැනීමට අවශ්‍ය පාසල් උපකරණ ගැනීමට තරම් අපි අපොහොසත් වුණත්, LOLC සමාගම ‘දිවි සවිය‘ තුළින් ජාතියේ දරුවන්ට කරන මේ උපකාරය මහඟු පින්කමක් ලෙසයි මම දකින්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment