බහුජාතික ව්‍යාපාර සමූහයක් බවට පත්වීමේ සිය අභිලාෂය සාක්ෂාත් කරමින්, LOLC සමූහය 2022 මාර්තු 31 දායින් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ පෙර වසරට සාපේක්ෂව 46% ක සීග්‍ර වර්ධනයක් සහිතව රුපියල් බිලියන 83.8 ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 77.8 බදු ගෙවීමට පසු ලාභයක් වාර්තාකර තිබේ.
සමූහයේ සමස්ථ විස්තීර්ණ ආදායම රු.බි. 161 ක් වන අතර, එය ඕනෑම ශ්‍රී ලාංකික ආයතනයක් ඉතිහාසයේ ලද අසමසම ජයග්‍රහණයකි.
ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය ලෙස LOLC සමූහයේ ශක්තිමත් ගෝලීය ව්‍යාප්තිය තවදුරටත් වර්ධනය වෙමින්, මධ්‍යම ආසියාව ඇතුළු ආසියාකරයේ සහ අප්‍රිකාව යන මහාද්වීප දෙක ඔස්සේ මූල්‍ය සේවා, සංචාරක සහ වතු වැවිලි ක්ෂේත්‍ර හරහා සිය පියසටහන් පුළුල් කිරීමට සමත්වී ඇත. මේ වසරේ ලද ඓතිහාසික ලාභයේ විශේෂත්වය වන්නේ, දේශීය මෙහෙයුම් මත රැඳීමෙන් තොරව සමූහයේ ආදායමෙන් වැඩි කොටසක් ගෝලීය මෙහෙයුම් වලින් හිමිවීම වන අතර, එහිදීද කිසියම් එක් වෙළෙඳපොළක් මත රඳා නොපැවතීමද විශේෂත්වයකි. ලොව පුරා දක්නට ලැබෙන ආර්ථික හා දේශපාලන වියවුල් මධ්‍යයේ සිය ගෝලීය විවිධාංගීකරණ සැලැස්ම මඟින් ඕනෑම අහිතකර තත්වයක බලපෑමකින් තොරව වර්ධන මාවතේ රැඳී සිටිය හැකි බව LOLC සමූහය සහතික කර තිබේ.