LOLC ඇඞ්වාන්ස්ඞ් ටෙක්නොලොජීස්, COVID-19 හඳුනාගැනීම සඳහා RT-LAMP පරීක්ෂණ කට්ටලය දියත් කරයි

66

2020 දෙසැම්බරයේ චීනයේ හුබේ ප‍්‍රාන්තයෙන් ඇරඹි COVID-19, නව කොරෝනා වයිරස් ආසාදනය සීග‍්‍රයෙන් පෙර නොවූ විරූ දැවැන්ත ගෝලීය අර්බුදයක් බවට පරිවර්තනය විය. වසංගතය, ලොව පුරා හදිසි වසා දැමීම්, සමාජ දුරස්ථභාවය සහ භයංකර අන්දමින් මිනිස් ජීවිත අහිමිවීම් වලට මුල්වූ අතර, එමඟින් ගෝලීය වශයෙන් බරපතල මානුෂීය හා ආර්ථික හානියක් ඇති කළේය. වසංගතය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේද ජීවිත 14,000 කට අධික සංඛ්‍යාවක් දැනටමත් බිලිගෙන ඇත. 2020 වසර මුල පළමු කොරෝනා රෝගියා හඳුනාගත් දා සිට ශ‍්‍රී ලංකාවද රට වසා දැමීම් ඇතුළු සංචරණ සීමා රැසකට මුහුණ දුන් අතර, එය රටේ බොහෝ ආර්ථික ක‍්‍රියාකාරකම් අඩපන කිරීමට හේතුවිය.

ඣඪෂෘ -19 ව්‍යාප්තිය, ලොව පුරා රෝගයට ප‍්‍රතිකාර කිරීමේ සිට හඳුනාගැනීම දක්වා වූ පුළුල් විද්‍යාත්මක පර්යේෂණ දිරිගැන්විය. LOLC ඇඞ්වාන්ස්ඞ් ටෙක්නොලොජීස් සමාගම ශ‍්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) හා එක්ව සිලෝන් නැනෝ ඩයග්නෝස්ටික්ස් පුද්ගලික සමාගම (CNDL) හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත RT-qPCR කොරෝනා වයිරස් හඳුනාගැනීමේ සම්මත ක‍්‍රමයේ සීමාවන් ඉක්මවමින් ‘ලෑම්ප්’ (loop-mediated isothermal amplification (LAMP) ක‍්‍රමවේදය ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවේ හඳුන්වා දෙන ලදී.

මෙම නව ක‍්‍රියාවලිය සාම්ප‍්‍රදායික PCR පරීක්ෂණ වලට සමාන වන අතර, න්‍යෂ්ටික අම්ල විස්තාරණය එක් උෂ්ණත්වයකදී සිදුවීම එහි විශේෂත්වයයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස, PCR පරීක්ෂණ සඳහා අනිවාර්ය තාප චක‍්‍ර වැනි උපකරණ RT-LAMP ක‍්‍රමවේදයේදී අවශ්‍ය නොවේ. රෝග විනිශ්චය පිළිබඳ සැලකූ විට මෙම නව ක‍්‍රමය RT-qPCR පරීක්ෂණවලට වඩා වේගවත්, භාවිතයට පහසු, මෙන්ම ලාභදායී වේ. මෙහිදී පුළුල් ච්‍ය අගය සහ උෂ්ණත්ව පරාසයන්, ක‍්‍රියාවලියට ලක් නොවූ සාම්පල විශ්ලේෂණයට ඇති හැකියාව මෙන්ම කියවීමේ ක‍්‍රමවේදයේ නම්‍යශීලී බව ඇතුළු වාසි රැසක් හිමිවන්නේ PCR පරීක්ෂණ වලට සමාන නිශ්චිතතාව සහ සංවේදීභාවය පවත්වා ගනිමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment