LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් මෙරට ප්‍රථම ලයිෆ්ස්ටයිල් මෝටර් ඉන්ෂුවරන්ස් සේවාව වන ‘Honours’ හඳුන්වා දෙයි

155
LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් මෙරට ප්‍රථම ලයිෆ්ස්ටයිල් මෝටර් ඉන්ෂුවරන්ස් සේවාවවන ‘Honours' හඳුන්වා දුන් අයුරු. ඡායාරූපය - නිශාන් එස්. ප්‍රියන්ත

ශ්‍රී ලංකාවේ ශ්‍රීඝ්‍රයෙන්ම වර්ධනයවන ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමක්වන LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් (LOLC GI) සමාගම, අසමසම ප්‍රතිලාභ රැසක් සමගින් ‘Honours’ ලෝයල්ටි වැඩසටහන හඳුන්වා දෙමින් මෝටර් ඉන්ෂුවරන්ස් සේවාව ජීවන ශෛලීය සේවාවක් බවට පත්කර තිබේ.

මීට අමතරව ප්‍රථම වරට ඩිජිටල් රක්ෂණ ඔප්පු නිකුත් කිරීමේ ජාලයවන ඉලෙක්ට්‍රොනික POS සේවාවද හඳුන්වා දෙමින් එම සමාගම මෙරට ජෙනරල් ඉන්ෂුවරන්ස් ක්ෂේත්‍රය පෙරළියකට ලක්කර ඇත.

LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම හඳුන්වා දෙන ලද නවතම ‘Honours. ජීවන ශෛලීය ලෝයල්ටි වැඩසටහන, පාරිභෝගික ජනතාවට පහසු සහ තෘප්තිමත් අත්දැකීමක් ලබාදීම සඳහා විශේෂයෙන් හඳුන්වාදී ඇති පහසුකමකි. ඒ අනුව ළෙන්ගතු පාරිභෝගිකයින් හට Classic, Silver, Bronze සහ Platinum ලෙස කාණ්ඩ හතරක් යටතේ දිනපතා ප්‍රතිලාභ හිමිකර දීමට කටයුතු කෙරේ.

මෙම පහසුකම යටතේ, සියලු‍ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් මෝටර් රක්ෂණ හිමියන් හට Channel 17 (CH17) ජාලය හරහා අගනා වට්ටම් සහ ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත. මෙරට ප්‍රථම වරට හඳුන්වා දුන් මෙම Reward-Back පහසුකම යටතේ පිරිනැමෙන වට්ටම්/ලෝයල්ටි ප්‍රසාද ලකුණු මගින් පාරිභෝගිකයින් හට රක්ෂණ වාරිකය ගෙවීමේදී දැරීමට සිදුවන පිරිවැය සහ සහ තවත් පිරිවැය වෙනුවෙන් සහනයක් ලබාදීම LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ අරමුණයි.

හවුල්කාර වෙළෙඳ ජාලය හරහා එකතුවන ලෝයල්ටි ප්‍රසාද ලකුණු, තම රක්ෂණය අලු‍ත් කිරීමකදී හෝ වෙනත් සමාජ සත්කාරයකදී හෝ භාවිත කිරීමේ අවස්ථාව පාරිභෝගිකයින් හට හිමි වීම මෙහි විශේෂත්වයකි. Honours වැඩසටහන සඳහා හවුල්කාර පරිශ්‍ර 1,000 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධවන බැවින් එය මෙරට පුළුල්තම ලෝයල්ටි වැඩසටහන බවට පත්වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment