LOLC සවි, 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ විශිෂ්ටයන්ට තිළිණ ප්‍රදානය කරයි

69

2021 වසරේ 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සුවිශේෂී දස්කම් දැක්වූ සවි කාඩ්පත් හිමියන්ගේ දරුවන් ඇගයීමේ සහ ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක් LOLC සවි, පසුගියදා දියත් කරන ලදී.

මෙම වැඩසටහන යටතේ අදාල කඩයිම් ලකුණු සීමාවන් පසුකල සවි කාඩ්පත් හිමියන්ගේ දරුවන්ට තිළිණ පිරිනැමිණ. දරුවන්ගේ සහ දෙමාපියන්ගේ කැපවීම අගය කොට තවදුරටත් ඔවුන් දිරිමත් කීරීමේ අරමුණින් LOLC සවි මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.

LOLC සවි, මේ සඳහා එම්. ඩී. ගුණසේන පොත් සාප්පු, DSI ප්‍රදර්ශනාගාර, CIB සාප්පු සංකීර්ණ සහ ASB ෆැෂන් යන වෙළඳ ආයතන හතරක් සමඟ සහයෝගිතාවකට එළඹුණි. මෙම තිළිණ වැඩසටහන යටතේ හිමිකම් ලැබීම සඳහා අදාල වෙළඳ ආයතන වලින් පමණක් මිලදී ගැනීම් සිදු කරන ලෙස සවි කාඩ්පත් හිමියන්ට උපදෙස් දෙනු ලැබේ. එහිදී සවි කාඩ්පත හරහා සිදු කරන ලද ඕනෑම මිලදී ගැනීමක් සඳහා සවි විසින් හිමිකම් ලත් කාඩ්පත් හිමියන්ට තිළිණයේ වටිනාකම දක්වා ත්‍යාග පිරිනමනු ඇත. නියමිත කාලසීමාව අවසානයේ, හිමිකම් සහිත මුළු මිලදී ගැනීමේ වටිනාකම LOLC සවි විසින් කාඩ්පත් හිමියන්ගේ ගිණුමට ප්‍රතිපූරණය කරනු ලැබේ. මෙම තිළිණ ප්‍රදානය සඳහා සුදුසුකම් ලැබූ සවි කාඩ්පත් හිමියන්ට සියලු විස්තර, නියමයන් සහ කොන්දේසි ඇතුළත් දැනුම් දීමේ ලිපියක් යොමුකර ඇත

advertistmentadvertistment
advertistmentadvertistment