LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි

87
කොන්රඩ් ඩයස් මහතා (LOLC ෆිනෑන්ස් පීඑල්සී සභාපති), කපිල ජයවර්ධන මහතා (LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ) සහ ක්‍රිෂාන් තිලකරත්න මහතා (LOLC ෆිනෑන්ස් පීඑල්සී අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී) නව ශාඛාව විවෘත කිරීම සඳහා පීත්ත පටිය කැපීමේ අවස්ථාවට එක්වෙමින්. සටහන හා ඡායාරූපය ප්‍රදීප් මහකුමාර - මහනුවර

ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය, LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක මහනුවර නගර ශාඛාව ස්ථාපිත කෙරිණ.

මහනුවර නගරයේ හදවත බඳුවූ කැපී පෙනෙන ස්ථානයක පිහිටි නව ශාඛාව පසුගියදා, මහනුවර හිල් වීදියේ අංක 11 දරන ස්ථානයේ විවෘත කරන ලදි.

මහනුවර නගර ශාඛාව විවෘත කිරීමේ උත්කර්ෂවත් අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කපිල ජයවර්ධන මහතා සහභාගි වූ අතර, LOLC ෆිනෑන්ස් පීඑල්සී සභාපති කොන්රඩ් ඩයස් මහතා, LOLC ෆිනෑන්ස් පීඑල්සී අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් තිලකරත්න මහතා සමඟ LOLC ෆිනෑන්ස් කළමනාකාරීත්ව කණ්ඩායම, කාර්යමණ්ඩල සාමාජිකයන්, ගනුදෙනුකරුවන් මෙන්ම අවට ප්‍රජාවේ සුභ පතන්නන් ද එක්විය.

මහනුවර නගර ශාඛාව නව ස්ථානයකට රැගෙන යෑමේදී පුළුල් ගනුදෙනුකරුවන් සංචිතයකට LOLC ෆිනෑන්ස් සේවාවන් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව වැඩි දියුණු කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුවිය. නව ශාඛාව මහනුවර සහ අවට ප්‍රදේශවල විශාල ජන පිරිසකට සේවා සලසනු ඇති අතර, එහිදී ගනුදෙනුකරුවන්ට නවීන, සුවපහසු වටපිටාවක, වාහන නැවැත්වීමේ වැඩි පහසුකම් සහිතව LOLC ෆිනෑන්ස් පුළුල් පරාසයක මූල්‍ය විසඳුම් වෙත ප්‍රවේශ වීමට හැකි වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment