LOLC ෆිනෑන්ස් 2021 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘‘වඩාත් විශ්වාසවන්ත”සහ ” ‘‘වඩාත් නව්‍යකරණය වූ’’ජයග‍්‍රාහි මූල්‍ය සේවා සන්නාමය බවට පත්වෙයි

121

බැංකු නොවන මූල්‍ය ක්ෂේත‍්‍රයේ සිය විශිෂ්ටත්වය යළි තහවුරු කරමින් LOLC ෆිනෑන්ස්, 2021 ගෝලීය සම්මාන ප‍්‍රදානයේ (Global Brand Awards 2021) නමවන කලාපයේදී ”වඩාත් විශ්වාසවන්ත මුල්‍ය සේවා සන්නාමය” සහ ”වඩාත් නව්‍යකරණය වූ මුල්‍ය සේවා සන්නාමය” ලෙස සම්මාන දෙකකින් පිදුම් ලැබීය.

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි ප‍්‍රමුඛතම මූල්‍ය හස්තය වන LOLC ෆිනෑන්ස්, මෙලෙස ගෝලීය – බැංකු නොවන මූල්‍ය සේවා අංශයෙන් 2021 වසර සඳහා තේමාවන් දෙකක් යටතේ ජයග‍්‍රහණය ලැබූ ශ‍්‍රී ලංකාවේ එකම සහ අසමසම බැංකු නොවන මූල්‍ය ආයතනය ලෙස පිළිගැනීමට ලක්වීමෙන් සාඩම්බරයට සහ ගෞරවාදරයට පත්වේ.

LOLC ෆිනෑන්ස් දශක ගණනාවක් පුරා මෙරට මූල්‍ය සේවා වෙළෙඳපොළ අතික‍්‍රමණය කරමින් පරිපූර්ණත්වය ලබා තිබේ. අභියෝගාත්මක සමයන්හිදී පවා සමාගම විශිෂ්ට කාර්ය සාධනයක් වාර්තා කිරීමට සමත් විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ලද මෙම ඇගයීම් සම්මාන තුලින්, විශිෂ්ටත්වය පිරිනමන විශ්වාසදායක සන්නාමයක් ලෙස සමාගමේ කීර්තිය නැවත වරක් තහවුරු කරයි. Global Brands Magazine එක්සත් රාජධානිය කේන්ද්‍ර කොට ගත් ලොව විශාලතම සන්නාම ප‍්‍රකාශනයක් සහ සම්මාන ප‍්‍රදානය කරන ආයතනයක් වන අතර, කර්මාන්ත ක්ෂේත‍්‍රයන් හරහා අපක්ෂපාතී ලෙස සන්නාම තෝරා ගැනීම සම්බන්ධයෙන් සුපතලය.

Global Brands නවතම බැංකු සහ මූල්‍ය සම්මාන ප‍්‍රදානයේදී LOLC ෆිනෑන්ස් පීඑල්සී මෙරට ශක්තිමත් මූල්‍ය සේවා පද්ධතියක් ක‍්‍රියාත්මක කරලීම උදෙසා වූ නවෝත්පාදනය, විශිෂ්ටත්වය, තිරසරභාවය, කාර්ය සාධනය මෙන්ම ස්ථාන 139 ක් මගින් දිවයින පුරා ක‍්‍රියාත්මක බෙදාහැරීමේ ජාලය හරහා ප‍්‍රදර්ශනය කළ පුළුල් විශේෂඥතාව ඔස්සේ පෙරමුණට පැමිණුනි. පෙර අත්නොදුටු පහසුවක් සමඟ පෞද්ගලිකත්වය සුරැකීම, දත්ත ආරක්ෂාව, සදාචාරාත්මක ව්‍යාපාරික භාවිතයන් මඟින් පාරිභෝගිකයන් LOLC ෆිනෑන්ස් සන්නාමය කෙරෙහි තබා ඇති විශ්වාසයද මෙහිදී පිළිගැනීමට ලක්ව තිබේ.

මෙම සම්මාන තිළිණ ජයග‍්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් LOLC ෆිනෑන්ස් හි (අධ්‍යක්ෂ /ප‍්‍රධාන විධායක නිලධාරී) කොන්රඞ් ඩයස් මහතා මෙසේ පැවසීය. ”පීඩාකාරී ගෝලීය වසංගතයක් මධ්‍යයේ, විශිෂ්ට සම්මාන තිළිණ එකක් නොව දෙකක්ම ජයග‍්‍රහණය කිරීම අප සැබවින්ම ගෞරවයට පාත‍්‍ර වීමකි. පසුගිය දශක කිහිපය පුරා අත්පත්කර ගත් අපගේ විශ්වසනීය මූල්‍ය විසඳුම්වල ස්ථාවරභාවය සහ නව්‍යභාවය සංකේතවත් කරන මෙය අප සමාගම ලද දැවැන්ත පිළිගැනීමක් මෙන්ම විශිෂ්ට අනාගතයක් උදෙසා ලද වේගවත් ප‍්‍රවේශයකි. අපගේ අගනා ගණුදෙනුකරුවන් සහ කැපවූ කාර්ය මණ්ඩලය කෙරෙහි රඳා පැවැත්ම සහ විශ්වාසය අපි තවදුරටත් ශක්තිමත් කරන්නෙමු. මෙම සම්මාන තිළිණ දෙක තුලින් ශ‍්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වය සංකේතවත් කරන අතර, දිවයිනේ පරිපූර්ණ ආර්ථික වාතාවරණය වැඩිදියුණු කිරීම උදෙසා එය නිසැකයෙන්ම ඉවහල් වනු ඇත.”

advertistmentadvertistment
advertistmentadvertistment