LPL ශූරතාවය තෙවැනි වරටත් ජැෆ්නා කිංග්ස්ට

144

පිට පිට තෙවැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය.ඒ කළම්ඹු ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 2කින් පරාජය කරමිනි.තරගය කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණි. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කළම්බු ස්ටාර්ස් කණ්ඩායමට ලබාදීමටය.ඒ අනුව කලම්බු ස්ටාර්ස් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 163ක් රැස් කළේය.දිනේෂ් චන්දිමාල් ලකුණු 49යි. රවී බොපාරා නොදැවී ලකුණු 47යි.තරගය ජයගැනීම සඳහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 164කි.ඒ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 8ක් දැවී තරගය ජය ගැනීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment