Mahindra IDEAL Finance මෙරට ‘මිලේනියල් පරපුරේ’ තරුණ තරුණියන්ට රැකියා කිරීමට සුදුසුම ස්ථාන 15 න් එකක් ලෙස Great Place to Work® මගින් නම්කෙරේ

53

Mahindra IDEAL Finance මෙරට මිලේනියල් පරපුරට 2022 වසරේදී රැකියාව කිරීමට සුදුසුම ස්ථාන 15 න් එකක් ලෙස (15 Best Workplaces for Millennials) පසුගියදා Great Place to Work® මගින් නම්කරන ලදී.

පසුගියදා කොළඹදී පැවති Great Place to Work® සබ ීරස ඛ්බන් සම්මාන උළෙලේදී Mahindra IDEAL Finance වෙත මෙම ඇගයීම නිල වශයෙන් හිමි විය. ශ්‍රී ලංකාවේ වේගයෙන්ම දියුණු වන බලපත්‍රලාභී මූල්‍ය සමාගම් අතරින් එකක් වන Mahindra IDEAL Finance මෙරට තරුණ පරපුරට ආකර්ෂණීය රැකියා ස්ථානයක් බවට පත්කරමින්, ඔවුන්ට මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ වෘත්තීය දියුණුව ළඟා කරගැනීමට අත්වැලක් වීමට සමාගමේ කළමනාකාරීත්වයේ දැරූ උත්සාහය සාර්ථක වී ඇති බව මෙමගින් තහවුරු වෙයි.

“මෙරට මිලේනියල් පරපුරට රැකියාව කිරීමට සුදුසුම ස්ථාන 15 න් එකක් ලෙස Great Place to Work® මගින් ඇගයීමට ලක්වීම අප ලැබූ ගෞරවයක්. බාහිර අභියෝග රැසකට මුහුණ දීමට සිදුවී ඇති පසුබිමක පවා තරුණ පරපුරට වැඩි වැඩියෙන් අවස්ථාව ලබාදීමට අප දැරූ උත්සාහයන් ඵල දරා තිබෙන බව මින් පැහැදිලි වනවා. එමෙන්ම මේ වනවිට අප දිවයින පුරා අපගේ ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙන නිසා, මෙය තරුණ පරපුරට විශිෂ්ට රැකියා සම්ප්‍රදායක් ඇති සමාගමක් හා එක්වී මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට ලැබෙන අගනා අවස්ථාවක් වේවි.” Mahindra IDEAL Finance සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment