Mahindra Ideal Finance ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රැකියා ස්ථාන අතරින් එකක් ලෙස ඇගයීමට ලක්වේ

72
Mahindra Ideal Finance කණ්ඩායම, බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ක්ෂේත්‍රයේ හොඳම සමාගම් 10 සඳහා වන Great Place to work® සම්මාන උළෙලේදී.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් මෙන්ම රැකියාව කිරීම සඳහා සුදුසුම ආයතනයක් වශයෙන් විශාල ජනප්‍රියත්වයක් දිනා සිටින Mahindra Ideal Finance සමාගම අඛණ්ඩව තුන් වන වරටත් Great Place to work® ඇගයීම හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. එමෙන්ම 2021 වසරේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ අංශයේ විශිෂ්ටතම සමාගම් 10 අතරට Mahindra Ideal Finance නම්කිරීමටද Great Place to work® ආයතනය කටයුතු කර තිබේ.

Mahindra Ideal Finance ආයතනය තුළ පවතින විශිෂ්ට ආයතනික සංස්කෘතිය නිසා, රටේ අතිදක්ෂ වෘත්තිකයන් රාශියක් මේ වනවිට එම සමාගම හා සම්බන්ධ වී සිටිති. එමෙන්ම තම සේවාවන් දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ ක්‍රමෝපායික වැඩසටහනක්ද Mahindra Ideal Finance විසින් ක්‍රියාවට නංවා ඇති නිසා, එම වෘත්තිකයන්ට මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනංවා ගැනීමට මහඟුඅවස්ථාවක් හිමි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment