MAS Eco Go Beyond තිරසර සංවර්ධන පාසල් වැඩසටහන ඉන්දියාව දක්වා ව්‍යාප්ත වෙයි

65

ප්‍රමුඛ ඇඟලුම් නිෂ්පාදකයකු වන MAS Holdings මීට වසර 15 කට පෙර දියත් කරන ලද Eco Go Beyond වැඩසටහන පළමු වරට ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ගමන් කර ඇත. ඒ අනුව MAS Eco Go Beyond තිරසාර සංවර්ධන අධ්‍යාපන වැඩසටහන ඉන්දියාව දක්වා ව්‍යාප්ත කරන ලදි.

Eco Go Beyond වැඩසටහන කායරම්බේඩු රජයේ උසස් පාසලේ සහ නන්දිවරම් රජයේ පිරිමි පාසලේදී දියත් කරන ලද අතර MAS හි ව්‍යාපාරික අංශය වන Bodyline ආයතනයේ නිෂ්පාදන අංශයක් වන Intimate Fashions India (Pvt) Ltd” සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. එහිදී සම්මානලාභී චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යාපනඥ රාම්නාත් චන්ද්‍රශේකාර් සමඟ එක්ව දැනුම හුවමාරු කර ගැනීමට සිසුන්ට අවස්ථාව ලැබුණ අතර තිරසාරත්වය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් තුළින් දැනුම ලබා ගැනීමට හැකි විය.

advertistmentadvertistment
advertistmentadvertistment