ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින Canon අලෙවිකරුවන් ඇගැයීමට Metropolitan Technologies පෞද්ගලික සමාගම වාර්ෂිකව සංවිධානය කරන Canon Partner Award 2023/2024 සම්මාන රාත්‍රිය පසුගියදා පැවැත්විණි.
Canon සන්නාමය මෙරට වෙළෙඳපොළ තුළ ප්‍රචලිත කරමින් සාර්ථකත්වය කරා රැගෙන යාමට දායක වූ 200කට වැඩි අලෙවිකරුවෝ පිරිසක් මෙම සම්මාන උළෙලට සහභාගී වූහ. එහිදී අදහස් දැක්වූ Metropolitan Group නියෝජ්‍ය සභාපති අයිවෝ මහරූෆ් මහතා සඳහන් කළේ වසර 66කට පෙර ආරම්භ වූ මෙම සමාගම වසර 50ක් පුරා මෙරට එකම බලයලත් Canon නිෂ්පාදන බෙදා හරින්නා ලෙස කටයුතු කර ඇති බවයි.
Canon සන්නාමය මෙරට වෙළෙඳපොළේ ප්‍රචලිත කිරීමට මෙම දිගු කාලීන සහයෝගීතාව ප්‍රධාන හේතුවක් වී ඇත. Canon Marketing Asia සමාගමේ ඩිජිටල් මුද්‍රණ සහ ව්‍යාපාර විසඳුම් සඳහා වන කලාපීය අංශයේ අධ්‍යක්ෂ ටූ කොක් යොං මහතා පැවසුවේ 2024 මුල් මාස හය තුළ මෙරට මුද්‍රණ යන්ත්‍ර වෙළෙඳපොළේ ප්‍රථමයා වීමට Canon සන්නාමයට හැකි වූ බවයි. Metropolitan Technologies සහකාර සාමාන්‍යධිකාරී ප්‍රවීන් සමරකෝන් මහතා, Canon මුද්‍රණ යන්ත්‍ර (Printers) ප්‍රවර්ධනයට Metropolitan සමඟ අත්වැල් බැඳ ගන්නැයි දිවයින පුරා අලෙවිකරුවන්ට ඇරැයුම් කළේය. වර්තමානයේදී අලෙවිකරුවන්ගේ වර්ධනය ඉලක්ක කර ගත් ප්‍රවර්ධන වැඩසටහන් රැසකුත්, පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමේ වැඩසටහනකුත් සැළසුම් කර ඇති බවද ඔහු පැවසුවේය.