Miss ජෙනිස් ඔස්ටේ‍්‍රලියාවේ

414

 ආචාර්ය ජයලත් මනෝරත්න විශිෂ්ට රංගනයක නියැලෙන මිස් ජෙනිස් සිනමාපටය ජුනි 13 වැනිදා ඔස්ටේ‍්‍රලියාවේදී තිරගත වීමට නියමිතය. එරට පර්ත් නුවරදී තිරගත කිරීමට සැලසුම් කර තිබෙන මිස් ජෙනිස් සිනමා පටය අධ්‍යක්ෂණය කරන ලද්දේ සුසිරන් ද සිල්වා විසිනි. අභාවප‍්‍රාප්ත ජයලත් මනෝරත්න සමග අප අතරින් වෙන්වූ ජයලාල් රෝහණ ද මෙහි චරිත නිරූපණය කරන අතර ගිරිරාජ් කෞෂල්‍ය, කුමාර තිරිමාදුර, මාදනී මල්වත්ත ද මෙම සිනමාපටයේ රංගනයට දායක වී තිබේ. මිස් ජෙනිස් වෝල්ටර් අබේසුන්දරගේ නිෂ්පාදනයක් වන අතර සිනමාපටය ඔස්ටේ‍්‍රලියාවේ තිරගත කිරීමේ සම්බන්ධීකරණය නිහාල් ජයසිංහ විසින් සිදුකරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment