Miss SriLanka in Italy- 2023 තරගාවලියේ කිරුළ කාවින්දිට

151

පසුගියදා ඉතාලියේ අගනුවර වන රෝමයේ පැවැති Miss SriLanka in Italy- 2023 තරගාවලියේ මිස් ශ්‍රී ලංකා කිරුළ කතානියා නුවර ජීවත්වෙන කාවින්දි ප්‍රනාන්දු හිමිකර ගත්තාය. ඇය වෙන්නප්පුව ප්‍රදේශයේ ජීවත්වන තරුණියකි.

දෙවනි ස්ථානය මේදාව් වීරසිංහට හිමි වූ අතර ඇය රෝමයේ ජීවත්වන තරුණියකි. තෙවැනි ස්ථානය කතානියා නුවර හේෂරා ප්‍රනාන්දු හිමිකරන්නා ලදී. මෙහි විනිසුරුවරුන් පස්දෙනෙකු විසින් මෙම තෝරාගැනීම සිදුකළ අතර එම විනිසුරුවරුන් තිදෙනාම ඉතාලි ජාතිකයින් වීම මෙම තරගාවලියේ තවත් විශේෂ කරුණක් විය. යුරෝපයේ හිරුඑඩ වාර්තාකරු නුවන් දඹගේ විසින් මෙදින වේදිකාව මෙහෙයවීම සුවිශේෂී වූ අතර , මෙය රෝමයේ ශක්ති සංවිධානය විසින් සංවිධානය කරන ලදී. ඉතාලියේ ව්‍යාපාරික ප්‍රජාවේ විශාල උද්‍යෝගයක් මේ සඳහා ලැබිණි. මෙම රූ රැජණ තරගාවලියට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ තරුණියන්ට මුදල් ත්‍යාග Lanka express ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් ලබාදෙන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment