Ms.Traveller එක්ක රට වටේ යමුද?

360


වසංගතය නිසා නම් අපි කොච්චර කාලයක් ගෙවල්වලට වෙලා හිටියද? දැන් ඔන්න ඉතිං සංචරණ සීමා සිහිල් වෙලයි තියෙන්නේ. මේ සීමා යටතේ අපිත් රට වටේ සුන්දර තැන් නරඹන්න ආයෙත් රවුමක් යමුද? ඒ ගැන අපිට කියන්නේ Ms.Traveller රට වටේ යන හැටි මෙදා පාර අපිට ජාතික රූපවාහිනියෙන් කියන්නේ ෂැඩෝ ඩ‍්‍රාමා කලාවෙන් රටම හඳුනාගත්තු තමාෂා ජයසූරිය.

 ෂැඩෝ ඩ‍්‍රාමා කලාවට පස්සේ මට ඇත්තටම ඕනෑ වුණා රූපවාහිනික අධ්‍යක්‍ෂවරියක් විදිහට එන්නේ කොහොමද කියලා. මම ට‍්‍රැවල් කරන්න ආස නිසා මම මේ වැඩසටහන ඩිසයින් කළා. තරුණියක් තනියෙන් ට‍්‍රැවල් කරන ගමන් ඇඞ්වෙන්චර් සමග කොහොමද පරිසරයේ සුන්දර බව පෙන්වන්නේ කියලා.

 පස්සේ මම ජාතික රූපවාහිනියට ගිහින් මේ ගැන හැඳින්වීමක් කළා. ඊට පස්සේ තමයි මේ වැඩසටහන ආරම්භ කළේ.

 අනෙකුත් පරිසර වැඩසටහන් සමග මේ වැඩසටහන වෙනස් කරගන්න ඕනෑ නිසා මම ඵිග ඔර්ඩැකකැබ වැඩසටහනට ඇඳුමේ ඉඳලා හිතුවේ. තව වැඩසටහනින් වැඩසටහනකට මම යද්දි වාහනය පවා වෙනස් කළා. ඒ වගේම හැම වැඩසටහනකම ත‍්‍රාසජනක කි‍්‍රයාකාරකම් තියෙන්න ඕනෑ. අපි යන හැම සංචාරක ස්ථානයකම ත‍්‍රාසජනක කි‍්‍රයාකාරකම් නැහැනේ. ඉතිං ඒකට අදාළ වෙලා මම භාවිතා කරන යෝගා, ඇක්‍රෝ යෝගා වගේ දේවල් වැඩසටහනට එකතු කරගත්තා. මේ යන ගමන්වලට පිරිස සම්බන්ධ කරගැනීම වගේම නිෂ්පාදන කණ්ඩායම මෙහෙයවීම මට අලූත් අත්දැකීමක් වුණා. මගේ ෂැඩෝ ඩ‍්‍රාමා ටීම් එකේ වැඩකරපු පිරිස තමයි මේ වැඩසටහනේ නිෂ්පාදක කණ්ඩායමේ ඉන්නෙත්.

Ms.Traveller එක්ක රට වටේ යමුද?



 මම මේ වැඩසටහන අධ්‍යක්‍ෂණය කරන්න කලින් ලංකාවේ සැඟවුණු සුන්දර ස්ථාන සහ යන්න පුළුවන් ස්ථාන ගැන සමීක්‍ෂණයක් කළා. ලංකාවේ මිනිස්සු ගිය ස්ථානයක් වුණත් හැබැයි වෙනස්ම ආරයකට යන හැටි තමයි මම මේ වැඩසටහන හරහා පෙන්වන්නේ. ගොඩක් අය හිතන්නේ ත‍්‍රාසජනක කි‍්‍රයාකාරකම් කරන්න පුළුවන් පිරිමි ළමයින්ට විතරයි කියලා. මම මේ වැඩසටහන හරහා ඒ තර්කය බිඳින්නත් අදහස් කළා.

 මම තොප්පිගල, ති‍්‍රකුණාමලය වගේ ස්ථානවල සුවිශේෂී දර්ශනවලට යන්න සූදානමින් ඉන්නේ. මේ සඳහා මට විශේෂ බළකායෙන්ද ලොකු සහයෝගයක් ලැබෙනවා. ස්කූබ ඩයිව් ෆලයින් රාවණා අඹේපුස්ස වගේ කාටවත් නෙත නොගැටුණු ස්ථානවල ඇඞ්වෙන්චර් ප්‍රෝග‍්‍රෑම් කීපයක් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ ඇඞ්වෙන්චර් එක ලංකාවේ පේ‍්‍රක්‍ෂකයන්ට අලූත් අත්දැකීමක් වේවි.

 දැනට කොටස් පහයි විකාශනය වුණේ. ඒ සඳහා ලොකු ප‍්‍රතිචාරයක් ලැබෙනවා. රූපවාහිනිය ඇතුලට ඒ ආකෘතිය ගෙන ආපු එක ගැන ගොඩක් අය මට කතා කරලා සුභ පැතුවා. අඩුපාඩුත් පෙන්වලා දුන්නා. මේක තව සංකීර්ණ කරලා කරන්න පුළුවන් කියලා මම හිතනවා.

 මට මේ වැඩසටහන ඇතුලේ එක එක විදිහේ වාහන පදින්න තියෙනවා. බයිසිකල් පදින එකත් මට ලොකු අභියෝගයක් වුණා. මොකද මම මීට කිලින් බයිසිකල් පැදලා තිබුණේ නැහැ. මට මැනුවල් වාහන පදින එකත් අභියෝගයක් වුණා. ඒකත් මම ජයගත්තා.

 කවුරු හරි මේක හොඳයි කියනවා නම් ඒක මම තනියෙන් කරපු දෙයක් නෙමෙයි. මේක ටීම් වර්ක් එකක්. අපිට අතේ තියෙන මුදලින් ගමනක් යන්නේ කොහොමද කියලා තමයි Ms.Traveller හරහා පෙන්වලා දෙන්නේ. අපේ රටේ සුන්දරත්වය ජාත්‍යන්තරයට ගෙනියන්න තමයි මගේ සූදානම.

 * දිනේෂ්

advertistmentadvertistment
advertistmentadvertistment