MTV මාධ්‍ය ජාලය Freesat ඩිජිටල් චන්ද්‍රිකා විකාශන සේවාවෙන්…

83

මෙරට දැවැන්තම මාධ්‍ය ජාලයක් වන MTV මාධ්‍ය ජාලය, Freesat ඩිජිටල් චන්ද්‍රිකා විකාශන සේවාව සමග එක්වීම පසුගිය අගෝස්තු 23 වැනි අඟහරුවාදා කැපිටල් මහරාජා ආයතන ශ්‍රවණාගාරයේදී සිදු විය. මේ අනුව Freesat සේවාව ඔස්සේ MTV මාධ්‍ය ජාලයේ සිරස TV නාලිකා අංක 08, TV1 නාලිකා අංක 09 සහ ශක්ති TV නාලිකා අංක 10 ඔස්සේ දැන් ඔබට කිසිදු ගෙවීමකින් තොරව දිවයිනපුරා HD තාක්ෂණයෙන් (DVB-S2X ඩිජිටල්) නොමිලේ නැරඹිය හැක. (මේ සඳහා මූලික ගාස්තුවක් පමණක් අය කරන අතර කිසිදු මාසික

ගාස්තුවක් අය නොකරයි.) දෙස් විදෙස් නාලිකා රැසක් ද මේ සමග ඔබට නැරඹිය හැකිය. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය වෙනුවෙන් MTV සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල්, MTV ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ සුසාර දිනාල් මහත්වරුන් සමග Freesat (යුනියන් නෙට්වර්ක් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම) වෙනුවෙන් ප්‍රධාන විධායක නිලධාරී කමින්ද සමරකෝන්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දර්ශන හේරත් හා ප්‍රධාන තාක්ෂණ නිලධාරී ප්‍රනාලංකා වරුණවංස මහත්වරු ඇතුළු පිරිස මේ අවස්ථාවට සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment