My Red Comrade අද සිට

336

‘විප්ලවය සිදුවිය යුත්තේ මහපොළව උඩ මත නොව, මිනිසුන්ගේ පපු කුහර ඇතුලෙයි’ මේ කතාව කියනු ලබන්නේ අප නොවේ කලාකරුවකු වූ සුදත් මහදිවුල්වැවගේ නවතම සිනමා පිටපතේය. ධවල රාත්‍රිය, දණ්ඩේ ලූ ගිනි, වනස්පති වැනි ටෙලි නිර්මාණය ඔබ වෙත තිළිණ කළ සුදත් මහදිවුල්වැව විසින් වසර දහඅටකට පසුව රිදී තිරයට ගෙනු ලබන වැඩිහිටියන්ට සීමා වූ My Red Comrade සිනමා නිර්මාණය අද (17 වැනිදා) සිට රටපුරා සිනමාහල්වල තිරගත කිරීම ඇරඹේ.

වෙනස් සිනමාවක් සොයන අපේ කාලයේ ප්‍රේක්ෂකාගාරයට සුදත් තිළිණ කරන මෙම සිනමා නිර්මාණයෙන් කතාබහ කරනුයේ එකිනෙකට වෙනස් පාරවල් දෙකකින් එකිනෙකට වෙනස් පරම්පරාවල් දෙකක දෙදෙනෙක් එකම අරමුණක් වෙනුවෙන් හඹා යන අයුරුය.

My Red Comrade අද සිට

My Red Comrade හි චරිත මවන්නේ තරින්දු ප්‍රනාන්දු සහ ආසිරි ඇල්ලගේ වන අතර මෙහි කතා සංකල්පය සහ තිර රචනය ද සුදත් මහදිවුල්වැව ගෙනි. රෙඩ් සර්කල් ප්‍රඩක්ෂන්ස් නිෂ්පාදනය කළ මෙහි කැමරා අධ්‍යක්ෂණය රුවන් කොස්තා විසිනි. අජිත් රාමනායක සංස්කරණයෙන්ද දර්ශි ගමගේ රේඛීය නිෂ්පාදනයෙන්ද, මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන්ද, නදීක ගුරුගේ සංගීත අධ්‍යක්ෂණයෙන්ද, සශික මාරසිංහ ශබ්ද සැලසුම්කරණයෙන්ද, තිස්ස සුරේන්ද්‍ර වර්ණ සංයෝජනයෙන්ද, දිනේෂ් ලක්දුසිංහ ප්‍රධාන සහාය අධ්‍යක්ෂණයෙන්ද, සමරසිරි කඳනගේ අංග රචනයෙන්ද, නිමල් විජේසිරි සේනාධීර නිෂ්පාදන කළමනාකරණයෙන්ද, නදීක ගුරුගේ ගීත ගායනයෙන්ද, තරින්දි ෆර්නෑන්ඩු රංග වින්‍යාසයෙන්ද, ප්‍රසන්න මහගමගේ රංග අභ්‍යාසකරණයෙන්ද, නෛතික උපදේශකත්වය නීතිඥ සමන් කුමාර සේනාධීර ගෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment