NLB ලොතරැයි ජයග‍්‍රාහකයන්ට කාර් පිරිනමයි

362

ජාතික ලොතරැයි මණ්ඩලය පසුගිය ඔක්තෝබර් මස 23 දින ලොතරැයි දිනුම් ඇදීම් තුළින් මෝටර් රථ ජයග‍්‍රහණය කළ ජයග‍්‍රාහකයන් සඳහා එම මෝටර් රථ ප‍්‍රදානය කිරීම සිදුකරන ලදී.

 මෙහිදී සෙවණ ලොතරැයියෙන් 0314 වන දිනුම් වාරයේ NLB අලෙවි නියෝජිත කිරලෝගම ඒ. ඒ. එස්. අමරසිංහ මහතාගේ ටිකට්පත් අතුරින් මෝටර් රථය ජයග‍්‍රහණය කළ කේ. ඒ. එම්. කරුණානායක මහතාට ද වදාකඩ NLB අලෙවි නියෝජිත කේ. ජී. එම්. එල්. සේනාරත්න මහතාගේ ටිකට්පත් අතුරින් සම්පත ලග්න වරම 01 වරායේ මෝටර් රථය දිනාගත් ආර්. එම්. ගුණතිලක බණ්ඩා මහතාට හා NLB කෙටි පණිවිඩ සේවාව මගින් ගොවිසෙත 2675 වාරයේ ලොතරැයිපත් මිලදී ගත් කොළඹගේආර ප‍්‍රදේශයේ පදිංචි ඒ. ඒ. දේවිකා රත්න කුමාරි මියට ද ජයග‍්‍රහණය කළ මෝටර් රථ ලබාදීම මෙහිදී සිදුවිය.

 මෙම ජයග‍්‍රාහකයන් වෙත මෝටර් රථ ප‍්‍රධානය කිරීම ජාතික ලොතරැුයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුමි පෙරේරා මහතා ඇතුළු එම ආයතනයේ සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) සහ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ හා ප‍්‍රවර්ධන) යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment