NMRA දත්ත මැකීම මෘදුකාංග ඉංජිනේරු යළි රිමාන්ඞ්

138

* ප‍්‍රකාශ ගන්න සීඅයිඞීයට අවසර

ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත මකාදැමීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටින එපික් ලංකා ටෙක්නොලිජීස් සමාගමේ සහකාර මෘදුකාංග ඉංජිනේරු ප‍්‍රමෝද් දිලූප රාමනායක මහතා ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (18 දා) නියෝග කළේය.

ඉදිරි විමර්ශන සඳහා අවශ්‍ය ප‍්‍රකාශ එම සැකකරුගෙන් ලබාගැනීමට ලබන 19 වැනිදා සිට 23 වැනිදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදෙන ලෙසටද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එහිදී බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

සිය සේවාදායකයාට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර ඇති චෝදනා 2007 අපරාධ පරිගණක පනත යටතට නොවැටෙන බැවින් ඔහු ඇප මත මුදාහරින ලෙස සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඇප ඉල්ලීම ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට අධිකරණය විත්තියට නියෝග කළේය. සැකකරු භාරයේ තිබී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන තුනක් ඇතුළු තාක්‍ෂණික උපකරණ කිහිපයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විiා පරිගණක අංශයට යොමු කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජයනී වෑගොඩපොල මහත්මිය අධිකරණයට පෙන්වා දුන්නාය.

විත්තියේ ලිඛිත ඇප ඉල්ලීම ලැබුණ පසු ඒ සම්බන්ධයෙන් ලිඛිතව පිළිතුරු ලබාදීමට පියවර ගන්නා බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය එහිදී අධිකරණයට පැවසුවාය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික විiා අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්. කේ. සේනාරත්න මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ අධිනීතිඥ සෙහාන් සොයිසා මහතා සමඟ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජයනී වෑගොඩපොළ මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූවාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment