O/L ලියන සීයා – වයස අවුරුදු 74 යි

355

මෙවර අ.පො.ස සාපෙළ විභාගයේ විද්‍යාව හා ගණිතය යන විෂයන් සඳහා 74 වැනි වියේ පසුවන නෙළුව, කළුබෝවිටියන ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රදාස ගොඩගේ මහතා ඉල්ලුම්කොට තිබූ අතර ඔහු විද්‍යා විෂය සඳහා පෙරේදා (28 දා) නෙළුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේ දී පෙනී සිටියේය.

ඔහු ගණිතය විෂය සඳහා අද (30 දා)  විභාගයට පෙනී සිටීමට නියමිතය. පසුගිය වර්ෂයේ පැවති අ.පො.ස සාපෙළ විභාගයේ විද්‍යා විෂය සඳහා ගොඩගේ මහතා පෙනී සිටි අතර එම විෂය සඳහා එස් සාමාර්ථයක් ලබාගත් බවද හෙතෙම පවසයි. විවාහකයෙකු වන චන්ද්‍රදාස මහතා සා.පෙළ විභාගය  ගැන මෙසේ පැවසීය.

“මට දැන් වයස අවුරුදු 74 යි. 1970 වර්ෂයේ දි තමයි මුල්වරට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ. මම විභාගවලට පෙනී සිටින්නේ ආත්ම තෘප්තියට. විනෝදයට. විභාගයක් තියෙනවානම් මට ඉල්ලුම් කරන්න හිතෙනවා. මෙවර විද්‍යා ප්‍රශ්න පත්‍රය ගිය වසරට වඩා අමාරුයි. ඉගෙන ගැනීම විභාගයකට පෙනී සිටීම කාලයකට සීමා කරන්න බෑ. මිය යනතුරු ඉගෙන ගන්න ඕන.”

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල, හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්
 

advertistmentadvertistment
advertistmentadvertistment