2020 කණ්ඩායමේ සාමාජිකයන්ගේ විශිෂ්ට චිත්‍ර එකමුතුවක් ODYSSEY 2 (ඔඩිසි 2) නම් වූ ප්‍රදර්ශනය මහනුවර ‘කරළිය’ කලාගාරයේදී 09 වැනිදා (අද) සිට, 11 වැනිදා පෙ.ව. 09.30 සිට ප.ව. 07.00 දක්වා පැවැත්වේ.
2020 කණ්ඩායම පුළුල් දැනුමෙන් හා පළපුරුද්දෙන් අනූන, විවිධ ශික්ෂණයෙන්, ආවේණික ශෛලීන් අනුගමනය කරන කෘතහස්ත ප්‍රවීණ චිත්‍ර ශීල්පීන්ගේ එකමුතුවයි. කණ්ඩායමේ සාමාජිකයන් ලෙස ජනක රත්නායක, වසන්ත සිරිවර්ධන, අනුර ශ්‍රීනාත්, ගාමිණී අබේකෝන්, රොහාන් දසනායක, නුවන් තේනුවර හා සුනිල් කටුගම්පොල දායක වේ.
මෙම චිත්‍ර ප්‍රදර්ශනයේ අරමුණ, අවධානය නැවත නිරූපණ චිත්‍ර කලාව Representational Art/ Realism (උප ශෛලීන් වන යථාර්ථවාදී, උපස්ථතිවාදී, රූපමය) වෙත යොමුකර ජාත්‍යන්තර ප්‍රශස්ථ ප්‍රමිතිවලට අනුගත වෙමින් බාධක අවම කර ශ්‍රී ලාංකේය චිත්‍ර ශිල්පීන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීමටය.
2020 කණ්ඩායම ජාත්‍යන්තර මට්ටමේ පාඨාමාලා කරන චිත්‍ර ඇකඩමියක්, කලාගාරයක් ඇති කිරීමට හා ජාත්‍යන්තර චිත්‍ර ප්‍රදර්ශන, වැඩමුළු, කලා පොළවල්, වෙන්දේසි, කෞතුකාගාරවලට චිත්‍ර සැපයීමට අරමුණු කර සිටී. සැලසුම් සහගත කාලසටහනකට සැකසූ කාර්ය සැලැස්මක් පිළියෙල කර ඇත්තේ අප අරමුණු ඉටුකර ගැනීමට සහ සේවාදායකයන් ආකර්ෂණය කර ගැනීමටය.
ඡායාරූපය ඉදිරි පෙළ (වම සිට දකුණට) වසන්ත සිරිවර්ධන, ජනක රත්නායක, සුනිල් කටුගම්පොල, පසු පෙළ (වම සිට දකුණට) නුවන් තේනුවර, රොහාන් දසනායක, අනුර ශ්‍රීනාත්.