One Mic-phase 2 ප‍්‍රසංගය සමග උමාරාගේ රෑ තාරුකා සිනමන් ලේක්සයිඞ් හිදී පායයි

151

ජාත්‍යන්තර සංගීත ක්‍ෂේත‍්‍රයේ ශ‍්‍රී ලාංකික සංගීත සන්නාමයක් බවට පත්වෙමින් ශ‍්‍රී ලංකික සංගීත ක්‍ෂේත‍්‍රයට නව මානයන් හඳුන්වා දුන් ජනප‍්‍රිය ගායිකා උමාරා සිංහවංශ සිය සංගීත ගුරු භුමිකාවේ නවමු පිටුවක් පෙරළමින් සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දස්කම් එළි දැක්වූ ‘One Mic-phase 2 ප‍්‍රසංගය පසුගියදා කොළඹ සිනමන් ලේක්සයිඞ් හිදී පැවැත්වුණා. ඒ ගැන වගේම උමාරගේ ඉදිරි වැඩ ගැන මීවිත සමඟ කළ කතා බහයි මේ.

 කොහොමද ජිවිතේ ?

 හොඳින් ඉන්නවා.

 කොහොමද One Mic-phase 2 ප‍්‍රසංගයට ලැබුණු ප‍්‍රතිචාර?

 ඇත්තෙන්ම හොඳ ප‍්‍රතිචාර ලැබුණා. බොහෝ අභියෝග මැද සාර්ථක නිමාවකින් අවසන් කරන්නට හැකි වුණා.

 මොනවද තිබුණු අභියෝග?

 පවතින කොවිඞ් වසංගත තත්ත්වය තමයි අපිට තිබ්බ ලොකුම අභියෝගය. නමුත් කොවිඞ් – 19 වසංගතය නිසා අපි කිසි දෙයක් නොකළ යුතුද කියන ප‍්‍රශ්නය මට තිබුණා. මොකද මේ තිබෙන තත්ත්වයට අපි හැඩගැහෙන්න ඕනෑ. ඒ නිසා අපි සියලූ දෙනාම පවතින නීති-රීතිවලට අවනත වෙමින් අපේ ප‍්‍රසංගය පැවැත්වූවා.

 මෙය ඔබේ සංගීත පාසලේ ප‍්‍රසංගයක්?

 අපිට අපි පුංචි කාලේ අපේ දක්ෂතා පෙන්නුම් කරන්න හොඳ වේදිකාවක් තිබුණේ නැහැ. නමුත් අපිට නොලැබුණු ඒ අවස්ථා මේ දරුවන්ට ලබා දෙමින් ඔවුන්ගේ දක්ෂතා වේදිකාවට ගෙන එන්න මට ඕනෑ වුණා. ඒ නිසා තමා ගිය වසරේ මෙවැනි ප‍්‍රසංගයක් ආරම්භ කරේ. Umara music studio මගේ සංගීත පාසලෙන් ඉගෙනුම ලැබූ තුන්දහසකට අධික දරුවන් සංඛ්‍යාවකින් එක්දහස් හත්සීයක දරුවන් පිරිසක් තෝරාගෙන ඔවුන්ගේ විභාග කිහිපයක් පවත්වා ඒ අයගෙන් හොඳින් ලකුණු ගත් දරුවන් මෙන්ම දක්ෂතා ඇති දරුවන් විසිදෙනෙක් තෝරාගෙන තමයි මෙවර One Mic-phase 2  ප‍්‍රසංගය පැවැත්වුණේ.

One Mic-phase 2 ප‍්‍රසංගය සමග උමාරාගේ රෑ තාරුකා සිනමන්  ලේක්සයිඞ් හිදී පායයි



 ප‍්‍රසංගයේදී ඔබේම ගීතයක් එළිදැක්වීමත් සිදුවුණා?

 ඔව්. මගේ පෞද්ගලික වෙබ්අඩවිය සහ Umara Music Studio පාසලේ වෙබ්අඩවිය එළිදැක්වීම සහ මගේ අලූත්ම ගීතය සහ එහි වීඩියෝව එළිදැක්වීම සිදු වුණා. මගේ අලූත් ගීතය ‘‘තාරුකා… මේ ගීතයේ අපි සතුට ගැන කතා කරනවා. ජීවිතේ මොන ප‍්‍රශ්න ආවත් සතුටින්” ඒ එන ප‍්‍රශ්නවලට කෙසේ හෝ මුහුණදීලා ඉදිරියට යන්න කියලයි මේ ගීතයෙන් කියන්නේ.

 රූප රචනාව ගැන කතා කරන්නම වෙනවා”

 අභියෝගාත්මක වීඩියෝවක්” කොහොමද ඒ අත්දැකීම?

 අනිවාර්යෙන්ම ජීවිතේට වෙනස්ම අත්දැකීමක් එකතු වුණු වීඩියෝවක්. දවස් හතක් විතර අපි රූගත කළා. වැඩිපුරම රූගත කරන්න තිබුණේ මුහුදේ. මට නම් වැඩිය පීනන්නත් බැහැ. හැබැයි මුහුදේ යට සහ පිහිනුම් තටාකයක් යට ඉඳන් තමයි මම ගීතය ගායනා කළේ. එය ඉතාම අමාරු වීඩියෝවක්. මම හිතන විදිහට ලංකාවේ ප‍්‍රථම වතාවට ගායිකාවක් කරපු අභියෝගාත්මක වීඩියෝවක්. ලොකු අවදානමක් අරන් කරපු වැඩක්. ඒ දවස් ටිකේ කාලගුණ තත්ත්වය වුණේත් වැසි තත්ත්වයක්. මහ වැස්සෙත් අපි ?ගත කිරීම් කළා. මට ඕනෑවුණේ ලංකාවේ තියෙන සුන්දරත්වය ඉස්මතු කරලා පෙන්වන්න. ඒක අපි කළා. ඒ නිසා මගේ ජීවිතේ මේක විශේෂ ගීතයක් වගේම විශේෂ වීඩියෝවක් කියලා කියන්න පුළුවන්.

One Mic-phase 2 ප‍්‍රසංගය සමග උමාරාගේ රෑ තාරුකා සිනමන්  ලේක්සයිඞ් හිදී පායයි



 උමාරියා එක්ක එකතුවෙලා අලූත් දෙයක් කරන්න අදහසක් නැද්ද?

 මම නංගි එක්ක ගොඩාක් චරදවැජඑි කරලා තිබෙනවා. මගේ ‘වස්සානේට. ඇල්බම් එකේ ‘තමරු පිරී සැන්දෑව. කියන ගීතයත්” මගේම Original English සින්දුවක් වන Donzt talk about love කියන ගීතයත් නංගි එක්ක ගායනා කළේ. ආයෙත් අලූත් නිර්මාණයක් කරන්න ඕනෙ. නංගි කියන්නේ මටත් වඩා කාර්යබහුල කෙනෙක්. ඒ වගේම ඇය ඉන්දියානු සංගීත ලේබලයකට අත්සන් කරලා තියෙනවා. නංගි අද ඉන්න තැන ගැන මට ගොඩක් ආඩම්බරයි.

 උමාරාගේ ඉදිරි වැඩකටයුතු මොනවද?

 මගේ ගීත කිහිපයක්ම එළි දක්වන්න ලෑස්තියි. ඒවායේ වීඩියෝ ටිකත් මේ දවස්වල කරගෙන යනවා. විශේෂයෙන්ම විදේශ සංචාර කිහිපයක්ම තිබෙනවා. තව ඉතින් මගේ ආදරණීය පුතා හා සැමියා ළඟ මාස කිහිපයක්ම ගත කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. තව මගේ පාසලේ චරදවැජඑි කිහිපයක්ම තිබෙනවා. ඉදිරියටත් මේ දරුවන්ගේ හැකියාවන් සමාජගත කරන්න වේදිකාවන් නිර්මාණය කරන්න මම සැලසුම් කරගෙන යනවා.-



 දිනේෂ් විතාන


advertistmentadvertistment
advertistmentadvertistment