PATA Gold සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට සම්මානයක්

143

ශ‍්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඞ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ‍්‍රීලංකන් ගුවන් සේවය සිය අලෙවිකරණ සන්නිවේදන ප‍්‍රයත්නයන්හි ගෝලීය ආකර්ශනීය බව අඛණ්ඩව සනාථ කරමින් පැසිෆික් ආසියා සංචාරක සංගමය ((PATA) සංවිධානය කරන 2021 සම්මාන උළෙලේදී ‘Marketing-Carrier’ කාණ්ඩය යටතේ ගුවන් සමාගම සිදු කරන ලද SriLankan Promises ප‍්‍රවර්ධන වැඩසටහන රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

ලොව පුරා සංචාරක සංවිධාන සහ පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන ලද අලෙවිකරණ සන්නිවේදන ව්‍යාපාර 113 ක් අතරින් රන් සම්මානලාභීන් 20 දෙනෙකු සහ ග‍්‍රෑන්ඞ් ටයිටල්ස් ජයග‍්‍රාහකයන් දෙදෙනකු මෙවර සම්මානයට පාත‍්‍ර වූහ. ක්ෂේත‍්‍රයේ විශේෂඥයන් 18 දෙනෙකුගෙන් යුත් ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග‍්‍රාහකයින් තෝරා ගන්නා ලදී. ගුවන් සේවය සම්මාන හතරක් මෙතෙක් දිනා ගැනීමට සමත්ව ඇති අතර, අඛණ්ඩව ලබා ගත් තුන්වැනි PATA Gold සම්මානය මෙය වීම විශේෂිතයි.
SriLankan Promises යනු ලොව පුරා කොවිඞ් – 19 වසංගතය ව්‍යාප්ත වී යාමෙන් පසුව ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලැබූ වෙළෙඳ නාම ප‍්‍රවර්ධන ව්‍යාපාරයයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මෙසේ පැවසීය. මෙම සම්මානය ලැබීම අපට ගෞරවයක්. විශේෂයෙන් අපගේ ගෝලීය සබඳතා නැවත ආරම්භ කරමින් සිටින අවස්ථාවක ගුවන් සේවයේ උණුසුම් ආගන්තුක සත්කාරය අත්විඳීමට අපි සංචාරකයන්ට ආරාධනා කරනවා. මෙවැනි සම්මානයක් යනු ගුවන් සේවය නිවැරදි මාර්ගයේ ගමන් කරන බවට තහවුරු කිරීමක්. එසේම එවැනි සම්මානලාභී ව්‍යාපෘති වැඩි ගණනක් කිරීම තුළින් සියලූමදෙනා මහත් ප‍්‍රබෝධයට පත්වෙනවා.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment