දිවයිනේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ලබන 22 වැනිදා සිට බෝවන රෝග පාලන කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ‘දිවයින’ට ඊයේ (19 දා) පැවසීය.
අවස්ථා රැසකදී කළ සිය ඉල්ලීම්වලට රජයෙන් ප්‍රතිචාර නොලැබීම නිසා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹී බව ද හෙතෙම කීය.
මෙහිදි තවදුරටත් කතා කළ උපුල් රෝහණ මහතා මෙසේද කියා සිටියේය.
දැන් ගමන් වියදම් දීමනාව හැටියට සැතපුමකට ගෙවන්නේ රුපියල් 2යි. මේක අද කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිලධාරීන්ගේ තනතුරු අනවශ්‍ය විදිහට ස්ථාපිත කරමින් ඉන්නවා. මේවා නතර කරන්න කිව්වා. පාලකයන් ඇහුම්කන් දෙන්නේ නැහැ.
එමෙන්ම නිල ඇඳුම් සඳහා දෙන දීමනාව ප්‍රමාණවත් නැහැ. මේ ගැටලු ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම දැනුවත් කළා. නමුත් ගණන් ගන්නේ නැහැ. ඒ නිසා අපි අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්